වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
හන්තාන පමණමද 27 දා මහරගමදී
මැයි 25, 2023

නව පරපුරේ ගායන ශිල්පී ඉන්දික ලියනගේගේ ඒක පුද්ගල ගී දැහැන හන්තාන පමණම ද ප්‍රසංගය එළැඹෙන 27 වැනි දා සන්ධ්‍යාවේ මහරගම යොවුන් රඟහලේදී නොමිලේ පැවැත්වේ.
නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා, ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ සිනමාවේදී සනත් ගුණතිලක විශේෂ ආරාධිතයන් ලෙස එදින ප්‍රසංගයට එක්වීමට නියමිතය.
සැක්සෆෝන් වාදන ශිල්පී වජිර ඩී. රත්නායක ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ සංගීතයට හන්තාන පමණමද ගී දැහැනට යුග ගායනයෙන් අනුරාධා නන්දසිරි සහ දේවිකා ලියනගේ එකතු වෙති.