වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
සූරයා වීරයා ගීත හා පූර්ව ප්‍රචාරක පටය එළිදකී

ලුවි වැන්ඩස්ට්‍රාන්ගේ 35 වැනි සිනමා නිර්මාණය වන ‘සූරයා වීරයා’ විස්මිත දැරියකගේ ක්‍රියාදාම විද්‍යා ප්‍රබන්ධ සිනමා නිර්මාණයකි. එම්.රිම්සි හොසන්, දිනේෂ් සංජීව සම අධ්‍යක්ෂණයක් වන මෙහි පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී එල්.ඒ.කුලුඳුල් නිෂ්පාදනයක් වන මේ සිනමා පටය සඳහා කලාකරුවන් සහ විශේෂ ආරාධිතයෝ රැසක් එදින සහභාගි වූහ.
‘සූරයා වීරයා’ තිර රචනය ලුවී වැන්ඩස්ට්‍රාටන්, සංවර්ධිත තිර රචනය අජිත් පී. පෙරේරා, කැමරා අධ්‍යක්ෂණය රන්දික විජේමාන්න, සහාය අධ්‍යක්ෂණය මංජුල බණ්ඩාර හා ප්‍රියංගා බණ්ඩාරනායක, සංගීත අධ්‍යක්ෂණය සමීර සුබසිංහ, සංස්කරණය ශාන් අල්විස්, සිනෙත් මාලක, ත්‍රිමානකරණය නිරෝධ වේරංග, අංග රචනය ගාමිණී කොස්තා, පවිත්‍රා චේතනි, සටන් අධ්‍යක්ෂණය කුමාර තිලකරත්න, කලා අධ්‍යක්ෂණය ඉසුරු ධනංජය, ලෙයොන් ධම්මික, නැටුම් අධ්‍යක්ෂණය නන්ද කුමාර් හා කාර්මික අධ්‍යක්ෂණය ජනප්‍රිය ජයසිංහයි.
ක්ලීටස් මෙන්ඩිස්, හිමායා බණ්ඩාර, සඳුන් විජේසිරි, සරත් දික්කුඹුර, නිරෝෂා මෛත්‍රී, උදාර රාජපක්ෂ, අජිත් ශ්‍රී පෙරේරා, සනලි නදුල්යා ගමගේ (ළමානිළි) ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක්වෙති.