වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
ආනන්දනීය සිංහල සිනමා සංසදයේ 44 වැනි හමුව

ආනන්දනීය සිංහල සිනමා සංසදයේ 44 වැනි හමුව ඉකුත් ඉරිදාවේ කිරිබත්ගොඩ ඊරියවැටිය පාරේ ප්‍රකට සමාජ සේවිකාවක වන නිර්මලා ගුණසිංහ මහත්මියගේ නිවසේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. කලා ක්ෂේත්‍රය නියෝජනය කරන සියයකට ආසන්න පිරිසක් සහභාගිවූ මේ උත්සවයේදී එම සංසදයේ තෝරාගත් යාවජීව සාමාජික භවතුන් පස් දෙනෙකුට මෙහිදී උපහාර පිදීමද විශේෂ දසුනක් විය. ‘පූජා’ චිත්‍රපටය ඇතුළු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසක් නිෂ්පාදනය කළ ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු, එම සංසදයේ ලේකම් රියාස් කපූර්, සමාජ සේවිකාවන් වන නිර්මලා ගුණසිංහ, සුභද්‍රා සුමනරත්න, රංගන ශිල්පිනි විජී ශ්‍රී මහත්ම මහත්මීහු උපහාරයට බඳුන් වූ අය වෙති. ප්‍රණීත දිවා අහරින් හා සංගීතමය වැඩ සටහනකින් සමන්විත මේ උත්සවයේදී කලා ක්ෂේත්‍රයට ඇප කැප වූ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඉදිරි මාස තුළ මෙලෙසින් උපහාරයට බඳුන් කරවීමට සැලසුම් යොදා ඇති බවද එම සංසදයේ නිර්මාතෘ ආනන්ද ගමගේ මහතා මෙහිදී පැවසීය. උපහාරයට බඳුන් වූ පිරිස මෙහි දැක්වේ.
- යශෝමන්