වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
දයාන් විතාරණ ගේ 529 වැනි ගීතය එළිදකී
මැයි 25, 2023

ප්රවීණ ඡායාරූප ශිල්පී හා ගායන ශිල්පී දයාන් විතාරණගේ නවතම ගීතය ‘රෝස පබළු’ පසුගිය දින එළිදැක්විණි. වර්ෂ 400 කට එහා ගිය ඉතිහාසය ගවේෂණය කරමින් කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනා ගේ වතගොත ඇතුළත් කොට එහි පද පද රචනය කරන ලද්දේ ජගත් සමන්ත විසිනි. ඒ ඔහුගේ 24 වැනි පද රචනාවයි. ARC studio හි දී පටිගත කළ මෙහි සංගීත අධ්යක්ෂණය කරන ලද්දේ දිපති ජයසූරිය විසිනි. මෙය දයාන් විතාරණ ගේ 529 ගීතය වේ.