වර්ෂ 2023 ක්වූ October 01 වැනිදා Sunday
‘හිතුවොත් හිතුවාමයි’ නිෂ්පාදිකා ලුසී පේජ් ගාඩිනර් සමුගනී
මැයි 25, 2023

‘හිතුවොත් හිතුවාමයි’ සිනමාපටයේ නිෂ්පාදිකා ලුසී පේජ් ගාඩිනර් මහත්මිය පසුගිය දින අභාවප්‍රාප්ත වූවාය. ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මහතාගේ ඥාති දියණියක මෙන්ම අභාවප්‍රාප්ත ඇල්බට් පේජ් මහතාගේ භාර්යාව විය. සීමාසහිත සිලෝන් තියටර්ස් ඇතුළු කාගිල්ස් ව්‍යාපාරයන්හි නිරත ඇන්තනි, තෙරෙස්, ලුවිස්, සිසිලියා, ජීන්, ජෝශප්, රංජිත් හා මේරියන්ගේ මව විය. ඇගේ අවසන් කටයුතු පසුගිය 24 වන දින බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.