කොහොමද මගේ වැඩ

මැයි 18, 2023

 

 

 

පසුගිය දිනක ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ දිවී පිදීමේ කාලය සිහිපත්කරමින් සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කෝස්තා අලුත් වැඩක් කරල පෙන්නුවා. ඒ ‘ආලෝකයාණෝ’ පාස්කු නාට්‍යයයි. රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය නිරූපණය කළා.

කෝට්ටේ ශාන්ත තෝමස් දෙව් මැදුරේ පැවති ආලෝකයාණෝ නිර්මාණය සඳහා බෞද්ධ, කිතුනු නළු නිළියන් සියයකට අධික පිරිසක් රංගනයෙන් දායක වුණා. ‘ආලෝකයාණෝ’ සමඟ ජෙහාන්ට දැන් අලුත් අලුත් වැඩ ගොඩක් ඇවිල්ල කියලයි ආරංචි.

මේ බව දැනගත්ත ප්‍රවීණ නළු ලක්ෂ්මන් මෙන්ඩිස්, ජෙහාන්ට සුබ පතන්න එන්න ලෑස්ති වුණ වෙලාවේ ජෙහාන් එක පාරටම කියලා තියෙන්නේ “ක්ෂේත්‍ර‍යේ අය කියන්නේ බොරු කතාවක්” කියලයි. ලක්ෂ්මන් මෙන්ඩිස් කියන්න ආපු දෙය වෙන අතකට පෙරළලා “කො⁣හොමද මගේ වියසිදුර” කියලා අහල තියනවා.

 

 

 

[email protected]