වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
බොඳ වූ සිහින

නිරන්ජනී ෂන්මුගරාජාට පසුගිය කාලය පුරාවටම තිබුණු එකම සිහිනය වෙලා තියෙන්නේ සිංහල භාෂාව හැසිරවීමෙන් හොඳම පූරකවරිය ලෙස රයිගම් සම්මාන උලෙළේ සම්මානය හිමි කර ගැනීමයි. මේ තරගයට ඇයට අභියෝග කරන්න වුණේ තවත් ක්ෂේත්රයේ දෙදෙනකු වන ඉන්ද්‍රසිරි සුරවීර සහ කැලුම් ශ්‍රීමාල් සමඟයි. සම්මාන උලෙළෙ ටික ටික ළං වෙන විට නේරංජනිගේ පපුවේ ඩඩ් ඩඩ් ගාලා ගැහෙන්න පටන් ගත්තා කියලා ඇගේ හොඳම යාළුවන් කීප දෙනෙකුට කියලා තියෙනවා. ඇයි එහෙම වුණේ කියලා අහපුවාම නෙරංජනිගේ කටට බ්රේක් නැතිවෙලා කියාගෙන ගිය දෙවල් එතන හිටපු කිසිවකුට තේරිලා නෑ. මට ඒක ලැබේද කියන එක විතරයි ඇහිලා තියෙන්නේ. එදා සම්මාන උලෙළේදී එක ළඟ ඉඳගෙන ඉඳල තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ පූර්වකවරිය වීමේ සිහින දැකපු ෂරිෆා තාහිර් සමඟයි. ඇයගෙන්ද අහල තියෙන්නේ අපි දෙන්නට සම්මානය ලැබෙයි නේද කියලා. හ්ම්... කියලා ෂරිෆා ද නිහඬ වෙලා තියෙන්නේ ඇයගේද පපුව ගැහෙමින් සිටින මොහොතක සිහිනය ඉටුවෙයිද කියලා බලා සිටින නිසාය.
කෙසේ වෙතත් දෙදෙනාගෙම සිහින බොඳවී ගියා.