වන් මෝර්

මැයි 18, 2023

 

 

 

අද අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ ගේය පද රචකයන් ලියූ ගේය පද මොබයිල් ෆෝන් එකේ ඇප් එකක් ලෙස විවිධ පුද්ගලයන් පවත්වාගෙන යාමයි. ඒ නිසා ගායකයන් වෙන්න ඉන්න ඕනම කෙනෙකුට ඒ ගී පදමාලාව බලාගෙන ගායනා කිරීම හරිම පහසු දෙයක් බවට අද පත්වෙලා. රංගන ශිල්පී තිලක් ජයවීර කලක් අපේ රටේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළුවෙක්ව සිටියා. ඔහු ගායනයට පිවිසුණු බව පසුගියදා අපට දකින්නට ලැබුණා. ඒත් එතැනදී සිදුවුණු එකම දේ තමයි පදමාලාවත් බලාගෙන මයික් එක අල්ලගෙන තිලක්ට ගීත ගායනා කිරීමට නොහැකි වීමයි. ඒ නිසා වෙනත් කෙනකු මයික්‍රෆෝනය ඇල්ලිය යුතු වුණා. කෙසේ නමුත් ඔහු ගායනා කරන විට බලාසිටි බොහෝදෙනා “වන් මෝර්-වන් මෝර්” කියමින් ඔහුට ඔල්වරසන් දෙන්නට විය.