වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
ප්‍රවීණ පරපුරේ නිහතමානීත්වය

මේ වසරේ පැවැති සම්මාන උලෙළ දෙකකදීම ජනප්‍රිය නිළිය වීමේ සම්මානය දුෂේනි මියුරංගි ට හිමිකර ගන්නට ලැබුණා. එවැනි මොහොතක ඇයත් නොසිතූ ඡායාරූපයකට පෙනී සිටින්නට ඇයට අවස්ථාව ලැබුණා. ඒ ප්‍රවීණ ගායන ශිල්පිනි ප්‍රදීපා ධර්මදාසගේ ඉල්ලීමට “ඡායාරූපයක් ගනිමු” කියා ගත් ඡායාරූපයයි. ක්ෂේත්‍රයේ දුර ගමනක් ආපු ප්‍රවීණ, නිහතමානී ගායන ශිල්පිනියක ලෙස ආධුනික රංගන ශිල්පිනියක් ජනප්‍රියත්වයට පත් වෙන අවස්ථාවේ නිහතමානීව ඇයත් සමඟ ඒ සතුට බෙදා ගැනීමට ප්‍රවීණයන් කටයුතු කරන ආකාරය මේ ක්ෂේත්‍රයේ කොච්චර අපූරු සිදුවීමක්ද කියලා ඒ අපූර්වත්වය දැකලා එතැන සිටි සියලු දෙනාම කතා වෙන්න ගත්තා. ඒත් නව පරම්පරාවේ බහුතරයකට ඒ නිහතමානී බව නැති බව සියලු දෙනාටම එතනදි වැටහුණු ලොකුම දෙයයි.