වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
සංකර්ෂා එළැඹෙන 13 වැනිදා

යොවුන් ගේය පද රචකයන් දෙපළක් වන සුගත් සෝමවීර සහ රසික ඩී දුමින්ද විසින් රචිත ගේය පද 22 ක ගීතාවලියක් දෙහදක ලියැවුණු ආනන්දනීය ගීතාවලියක මිහිරියාව ‘සංකර්ෂා’ නමින් එළැඹෙන 13 වැනිදා පස්වරු 2 .00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙදින දිවයිනේ ප්‍රවීණ ගායන ශිල්පීහු දහසය දෙනෙක් ප්‍රසංගය වර්ණවත් කරති.
එඩ්වඩ් ජයකොඩි, සශිකා නිසංසලා, චන්දන ලියනාරච්චි, ක්‍රිෂාන්ත එරන්දක, දයාන් විතාරණ, ශානිකා සුමනසේකර, හර්ෂණ දිසානායක, තිළිණ සුදේශ් වන්නිනායක, මියුරු සෝමරත්න, දිනේන්ද්‍ර ජයවීර, ලක්ෂණා ලක්මිණි, ඩේසික කමලංජන, යශෝධා ප්‍රියදර්ශනී, සයුරි ප්‍රාර්ථනා, ඉසංකා අධිකාරි, රුවනි වාසනා ජයසුන්දර ගී ගයන අතර ධනංජය ගුණසිංහ ප්රමුඛ වාද්‍ය වෘන්දය ප්‍රසංගය සංගීතවත් කරති.