වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
‘මහ රබන් ශාන්තිය’ ලීවේ මතු පරපුර දැනුම්වත් කරන්න

හේ, සප්ත ස්වර රටා මතින් ජන කලාවේ නව මාන සොයයි. හද සන්තානයේ සරතැස නිවාලන සංගීතය විදු ඇසින් දකිමින් ජීවන රිද්මයට අරුත් සදයි.
‘මා පුංචි කාලේ තාත්තා මට නියන ගේන්න කිවුවම මම හිතා මතා වෙන උපකරණයක් තාත්තට ගිහින් දෙනවා.’
තාත්තා වඩු කාර්මිකයෙක්. තාත්තාගේ කැමැත්තක් තිබුණා මම හරි මල්ලි හරි එය ඉදිරියට රැගෙන යනවාට.
නමුත් මගේ කැමැත්ත තිබුණේ කලාවට. එය තේරුම් ගත් තාත්තා මා කැමැති දෙයින් ඉදිරියට යන්න මට උදවු කළා.
‘සරසවියට’මෙසේ පැවසුවේ ප්‍රවීණ සංගීතවේදියකු ගායකයකු සංගීතාචාර්යවරයකු ප්‍රාසාංගික ශිල්පියකු හා හඬ කැවීම් ශිල්පියකු ලෙස කලා ලොව පුරානෙක පාන, විස්කම් සම්මානීය කලා ශිල්පී ප්‍රදීප් මුතුකුඩ ආරච්චි මහතාය. මේ අප ඔහු සමඟ සිදුකළ සුහඳ පිළිසඳරකි.
ඔබේ කැමතිම ක්ෂේත්‍රය ජීවන වෘත්තිය වීම ගැන අද මොකද සිතෙන්නේ?
ඉතාම සතුටට පත්වෙනවා. මා උපන් බලපිටිය ගම්මානය කෝලං, රූකඩ කලාවට ප්‍රසිද්ධියක් උසුලනවා. ළමා කාලයේ මේ නිසාම කලාවට ඇල්මක් උනන්දුවක් නිරායාසයෙන්ම ඇතිවුණා.
මගේ අරමුණ වුණේ කලාවේ නියැළෙමින් සංගීත අධ්‍යාපනය, හදාරන්නයි. අද එය සාක්ෂත් කර ගනිමින් තවත් පරපුරක් දායද කරන්නට හැකි වී තිබෙනවා. එය වාසනාවක් සේ දකිනවා.
කලා ක්ෂේත්‍රයේ ඔබ මේ දුර පැමිණෙන්නේ අධ්‍යාපනය හා සමගාමීවයි. ඒ පිළිබඳ කතා කරමු.
මා අධ්‍යපනය ලැබුවේ බලපිටිය රේවත විද්‍යාලයෙන් හා ගාල්ල මහින්ද විද්‍යාලයෙන්. අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ට සමාර්ථ්‍ය 9ක් සමඟ සමත් වුණත් සංගීතයෙන් උසස් පෙළ හදාරන්න තීරණය කළේ ඊට ඇති කැමැත්ත නිසායි. උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබද්දි මා අයැදුම් කළේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නල මුදු සුවඳ කලා මංගල්‍යයත් ඊට එක් හේතුවක්. ඒ වෙනකොට රූපවාහිනියෙන් මා එය නරඹා තිබුණා.
ඒ වගේම සුනිල් සර් ප්‍රණීත් සර් වැනි දැවැන්ත චරිත සමඟ කටයුතු කරන්න, ඔවුන්ගෙන් ඉගෙන ගන්න සිතේ උපන් කැමැත්ත.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ට සමාර්ථ්‍යයක් සහිතව උපාධිය සමත් වෙලා එහි තාවකාලික කථිකාචාර්යවරයකු විදියට වසරක් සේවය කළා. අද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සංගීත ආචාර්යවරයකු ලෙස සේවය කරනවා. ඒ වගේම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජන සංගීතය හා ශාස්ත්‍රිය වයලින් වාදනය පිළිබඳ බාහිර කථිකාචාර්වරයකු ලෙසත් සේවය කරනවා. ඒ වගේම මේ දිනවල සංගීත ආචාර්ය උපාධිය සඳහා සුදානම් වෙනවා.
කැමති වෘත්තියක නිරතවීම ආත්මීය වශයෙන් ද සුවයක් අත්කර දෙනවා. මා උසස් පෙළ ඉගෙන ගන්න කලේ හොඳම වයලීන් වාදකයා විදියට ජාතික මට්ටමින් සම්මානයට පත්‍ර වුණා. ඒ ඇරැඹුම රාජ්‍ය වයලීන් වාදක කණ්ඩායම දක්වා පියමං කරන්නට මා හට දිරි දුන්නා. පාසලේ අවධියේ වයස 16 දී තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව ගාල්ල දිස්ත්‍රික්කයේ අවසන් 15 දෙනා අතරට එක් වීමට භාග්‍යවන්ත වුණා. ගීතය කලාව පිළිබඳ ලොකු අවබෝධයක් නොතිබුණත් දැවැන්ත වේදිකාවක ගායනා කරමින් ලැබු අත්දැකිම් හරිම වටිනවා.
ජන ගී ගායනයට හා ප්‍රාසංගික වේදිකාවට ඔබ පැමිණෙන්නේ කොහොමද?
පාසැල් අවධියේදීත් කලා ලෝකයට එන්න විවිධ මාන බැලුවා. ඒ කාලයේදී ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය කෙරුණු විනිල් මැනික් ආධුනික ගායනා තරඟය ‘නිම්තෙර’ට අයැදුම් කළා. එහි අවසන් 10 දෙනා අතරට තේරී පත්වෙන අවසන් තරගයෙන් මා හොඳම ආධුනික ගායකයා ලෙස ජයග්‍රහණය කළා. එදා හරි අපූරු හමුවීමක් සිදුවුණා. ප්‍රාසංගික කලා මාධ්‍යයට දොරගුළු විවර කළේ ඒ හමුවීමයි.
මොකක් ද මේ සුවිශේෂි හමුවීමක්.
’නිම්තෙර’ විනිල් මැණික් ආධුනික ගී ප්‍රසංගයේ නිවේදන කටයුතු සිදුකළේ වසන්ත දුක්ගන්නාරාළ අයියා. එහෙත් අවසන් දවසේ වසන්ත අයියාට එන්න බැරිවෙලා එදා අවසන් තරගයේ නිවේදන කටයුතු කළේ සහන් අයියා අවසානයේ සහන් අයියා මගෙන් ඇහුවා. මල්ලි අපි තාත්තාගේ රන්වල බලකායේ කටයුතු ඉදිරියට කරගෙන යනවා. මම කැමතියි ඔයා අපේ කණ්ඩායමට සම්බන්ධ වෙනවා නම් කියලා. එතකොට ලයනල් රන්වලයන් අභාවප්‍රාප්ත වෙලා මාස 2ක් පමණ වෙනවා. එදාම සවස මා තාත්තාත් එක්ක සහන් අයියගේ ගෙදර පුහුණුවීම් සඳහාත් ගියා.
මේ අහඹු සිදුවීම තවත් සුවිශේෂී හමුවීමකට හේතුවෙනවා නේද?
ඔව්. පසුකාලීනව මගේ බිරිඳ හමුවෙන්නෙත් රන්වල බලකායේදී. ඇයගේ විෂය නර්තනය. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. විශ්වවිද්‍යාල වරම් ලැබෙන්න කලින් ඇය රන්වල බලකායේ යොවුන් පාඨමාලාවකට ආධුනික ශිල්පිනියක් ලෙස සහභාගි වුණා. එවිට මා එහි ගුරුවරයෙක් ලෙස කටයුතු කළා. එවකට කණ්ඩායමේ ‘කහමලි‘ ගේ චරිතය රඟපෑ ශිල්පිනිය විදෙස්ගත වුණු නිසා එම චරිතයට ඇයව තෝරා ගැනුණා. අපි දෙදෙනාම අදත් ප්‍රාසංගික කටයුතු සඳහා සහභාගි වෙනවා.
රන්වල බළකාය හා ඔබේ ප්‍රාසංගික රංගකලා භූමිකාව ගැන කතා කරමු.
මීට වසරකට කලින් මා රන්වල බලකාය හා සම්බන්ධ වෙන්නේ සහන් අයියාගේ හඳුනාගැනීමත් සමඟ. මේ වන විට සාමාජිකයන් 60ටක අධික ප්‍රමාණයක් බළකාය සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. හරියට අබිං කෑවා වගේ කීවොත් නිවැරැදියි. මේ බැඳීම හරිම අසිරිමත් මෙතන ආදරය, ගෞරවය අන්‍යෝන්‍ය සුහදතාවය බෙහෙවින් රැඳුණු තැනක්. කණ්ඩායම් හැමදෙනාම එක දක්ෂතාවයක නොව විවිධ දක්ෂතා තිබෙන අය. එකම කෙනාට දක්ෂතා කිහිපයක් තිබෙනවා.
සහන් අයියා ගැන කතා කළොත් හොඳ නායකයෙක් වගේම හොඳ මනුස්සයෙක්. එකිනෙකාගේ හොඳින් දක්ෂතාවය හඳුනාගනිමින් බලකායට නායකත්වය ලබාදෙනවා. හැම සාමාජිකයෙකුට බලකායේ සහයෝගය නිරන්තරයෙන් ලැබෙනවා. හරියට අපේ ගම්වල අත්තම් ක්‍රමය වගෙයි.
බොහෝ අවස්ථාවල ඔබට රාජ්‍ය සම්මාන හිමිවෙනවා. ඒ පිළිබඳ සිහිපත් කළොත්?
2009 වසරේ සහන් අයියාගෙන් ‘වේලාව කීයද? නාට්‍යයට අපි දෙන්නටම කුසලතා සම්මාන හිමිවුණා. මා හට සම්මාන හිමිවුණේ සංගීත සංයෝජන හා නිර්මාණ කටයුතු වෙනුවෙන්. 2010 වසරේදී මගේ මිත්‍රයකුගේ ආරාධනයකට ඔහුගේ මුදා නාට්‍යයට සංගීත නිර්මාණය කළා. රාජ්‍ය මුද්‍රා නාට්‍ය උලෙළේ හොඳම මුද්‍රා නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයා ලෙස මට සම්මාන හිමිවුණා.
ජන ගී ගායයෙකු විදියට 2013 හා 2015 රාජ්‍ය සංගීත උලෙළේ හොඳ ජන ගී ගායකයා ලෙස රාජ්‍ය සම්මාන හිමිවුණා.
සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ඔබේ භුමිකාව පිළිබඳ කතා කරමු.
චන්ද්‍රසෝම බිංදු හේවාගේ සිහින දකින්නා, ආචාර්ය ජයලත් මමෝරත්න්ගේ ‘බුරුවා මහත්තයා’ හී සංගීත අධ්‍යක්ෂණය කටයුතු සිදුකළා. ඒවා බොහෝ අවස්ථාවල ඇගැයීමට පාත්‍ර වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ රංග කලාව නාට්‍ය හා පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා ‘අසමත් අපි සමත්’ නමින් ළමා නාට්‍යක් කළා. එය කොළඹ විශ්ව විද්‍යාලයෙන් නිෂ්පාදනය කළ පළමු ළමා නාට්‍ය වීම සුවිශේෂියි.
සුභාවිත ගීතය අද අභියෝගයට ලක්වෙලා තිබෙනවා. ඒ අභියෝගය ජයගන්නෙ කොහොමද ?
මිනිසුන්ට සිතන්න දෙයක් තිබෙන නිර්මාණ බොහොම දුර්ලභයි. බහු භාවිතයේ තිබෙන පද රචනා පවා හරි සිල්ලරයි. සදාචාර සම්පන්න නැහැ.
අදත් හොඳ හා ජනපි‍්‍රය මට්ටමේ නිර්මාණ බොහොමයක් මීට වසර ගණනාවකට පෙර බිහි වූ නිර්මාණ ඒවා ඉතා වෙහෙස දරා බිහිකරන ලද උසස් නිර්මාණ නිසා ඒ නිර්මාණ අදත් ජනපි‍්‍රයයි. විවිධ රැලි ආවත් අපි නොසැලී හොඳ නිර්මාණයක් කළොත් එය සමාජයේ යහපතට හේතු වෙනවා වගේම ඉන් අපට ලැබෙන ආත්ම තෘප්තිය ඉතා වටිනවා.
වාසනාවකට සුභාවිත ගීතයට ආදරය කරන එය ආරක්ෂා කිරීමට වෑයම් කරන පිරිසක් අදත් ඉන්නවා.
ඔබ සංගීත අධ්‍යක්ෂණය කළ ළමා ගී දරුවන් අතර බොහෝ ජනපි‍්‍රයයි. නේද?
ජාතික රූපවාහිනියේ කුරුම්බැට්ටි මැෂිම හා ලේන් පැටික්කා ළමා ගී මේ දිනවල දරුවන් අතර ජනපි‍්‍රය වී තිබෙනවා. මිලියන 17, නැරැඹුම් සංඛ්‍යාවක් සටහන්ව තිබෙනවා. ඒ වගේම රන්වල පදනමේ ළමා ගී නිර්මාණ එළුවන් කෑම, කුන්දහට් දරුවෝ අතර බෙහෙවින් ජනප්‍රියයි.
බොනේ වගතුග හා මහ රබන් ශාන්තිය ඔබේ කෘතිය ගැන කතා කරමු
ජනශ්‍රැතිය හා ජනකලාවට මා ඉතා පි‍්‍රයයි. රන්වල බලකායට සම්බන්ධ වූ පසුව තව දුරටත් මේ පිළිබඳ හදාරන්න, ගැඹුරින් අධ්‍යයනය කිරීමට පෙලඹුණා කිවොත් නිවැරැදියි.
රබාන, රබන් පද අපට ආගන්තුක නොවුණත් මෙය එතරම්ම කතාබහට ලක්නොවුණු පැතිකඩක්. රබාන සම්බන්ධ තොරතුරු මුලාශ්‍ර බොහොම අඩුයි.
මේ කෘතිය, රබානේ පිළිබඳ පුරාවිද්‍යාත්මක, සාහිත්‍යමය හා ජනශ්‍රැතික මුලාශ්‍ර ඔස්සේ සිදුකළ මානව වංශ සංගීත විද්‍යත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක්.
මෙම අධ්‍යපනයේ ප්‍රධාන අරමුණු වුණේ රබානේ ප්‍රභවය විකාශය හා වාදන ශිල්පය පිළිබඳ ශාස්ත්‍රිය ගවේෂණයක් සිදුකිරීමයි.
ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම දොඩංගොඩ ප්‍රදේශයේ පාරම්පාරිකව පැවත එන ‘මහ රබන් ශාන්තිය’ නම් කලාංශය (රබන් පද, හරඹ, නාද රටා කවි සහ විරිත් ලක්ෂණ, චලන රටා) පිළිබඳ මතු පරම්පරාව දැනුම්වත් කිරීම හා එම කලාංගය සංරක්ෂණය කිරීමට මෙයින් වෑයම් කළා.
මේ මගේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සඳහා කළ නිබන්දනය.
මේ අධ්‍යයන කාර්යයේ දී මා හට උපදෙස් ලබාදුන් ආචාර්යවරුන් ඇතුළු සහයෝගය ලබාදුන් සියලුදෙනාට මාගේ කෘතඥතාවය පිරිනමනවා.
ඔබේ වත්මන් කලා කටයුතු මොනවද?
‘අපේ විත්ති’ නමින් ජන කවිය හා ජනශ්‍රැතිය සම්බන්ධ රධභ බභඡඥ නාලිකාවක් පවත්වාගෙන යනවා මෑතකදී රෝහණ බැද්දගේ ශූරීන් සමඟ ගීතයක් ගායනා කළා. එය මාගේ කලාදිවියේ විශාල භාග්‍යයක් ලෙස මා සලකනවා. එහි සංගීත නිර්මාණය කළේ අමිත් ලියනගේ. පද රචනය සුජිත් ප්‍රසංග දෙදෙනාත් මෙහිදි ආදරයෙන් සිහිපත් කරනවා.
‘අනංගයා මල් දුන්නෙන්’ ගීතය නවරත්න ගමගේ සංගීතවත් කළ ක්‍රිශාන්ත රත්නසිරි රචනා කළ අලුත් ගීතයක් ගායනා කළා. එහි සහාය ගායනය වෙනුවෙන් ගිරිරාජ් අයියගේ දුව අමධ්‍යා උත්පලී දායක වුණා.
ජාතික රූපවාහිනි ඔස්සේ විකාශය කෙරෙන සමඟි පොඩිත්තෝ හා දියකඩඉම කාටුන් වැඩසටහන්වල හඬ හැවීම් කටයුතු සිදුකරනවා. ජාතික රූපවාහිනියේ ‘යුකී’ ටෙලි නාට්‍යය රයිගම් සම්මාන උලෙළේ හොඳම හඬකැවිම් සඳහා නිර්දේශ වී තිබෙනවා.
ඒ වගේම ප්‍රාසංගික නර්තන නිර්මාණ සඳහා ථභඵඪජ බපචජඬ නිර්මාණ කටයුතු සඳහා බොහෝ ඇරැයුම් ලැබෙනවා.
අවුරුද්දක් රබාන හා අවුරුද්ද සම්බන්ධව නිර්මාණ කිහිපයක් වෙනුවෙන් සුදානම් වෙනවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න
[email protected]