වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
යුගයක පෙර නිමිත්ත
මාර්තු 30, 2023

‘බන්ටි’ට පිට පිටම මේ වසරේ දෙවතාවක් සුමති සහ රයිගම් ජනප්‍රිය නිළිය ලෙස සම්මාන ලබාගන්නට අවස්ථාව ලැබුණා. ඒ හින්දම ඇයට හොඳ රසික ප්‍රසාදයකුත් මේ වන විට ලැබී අවසන්. ‘පාර දිගේ’ ගිය දුරක් නිසා ඇයට ලැබුණු දෙවැනි අලුත්ම තිළිණය තමයි සමීර නාඔටුන්නගේ සිහින නෙළුම් මල් සිනමාපටයේ ප්‍රධාන නිළිය වීම. ඒ නිසා හැමෝම කියන්නේ පෙර තිබුණු යුගවලට හා සමානව හේමාල් සහ දුශේනි යුගයක් ඇති වෙයි කියාය. ඒ පිපුණු මල යුග ගණනාවක් ක්ෂේත්‍රයේ සුවඳ හමයි කියලයි. ඇය රිදී තිරයේ හේමාල්ගේ උසට ගැළපෙන අලුත්ම පෙම්වතිය වන බව නම් බොහෝදෙනාගේ බලාපොරොත්තුවයි.