හංගන රහස

මාර්තු 30, 2023

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා මේ දිනවල සිනමාපටයක රූ ගැන්වීම්වල නිරත වෙලා ඉන්නේ. එයට හේතුව තමයි ඔහුගේ ඇස වැඩ කරන්නේ සෑම මොහොතකම සුන්දර වස්තුන් දෙසයි. මේ දිනවල රූ ගැන්වීම්වල නිරත වන අවස්ථාවේ සුන්දර සුකුමාල තරුණියක් සමඟ ඔහු ගත් ඡායාරූපයක් ගෙන මුහුණු පොතට එක්කර තිබුණා. ඒ ඡායාරූපය පළ වුණ දා සිට ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කියන්න ගත්තේ රුවන් වෙනදාට වැඩිය තරුණ වෙලා කියලයි. රුවන් තරුණ වෙච්ච බව දැන ගන්නට බොහෝ දෙනා රුවන්ගේ දුරකථනයට කතා කළත් රුවන් එයට ප්‍රතිචාර දක්වා නොමැත. දැන් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නෙ රුවන්ගේ සිනමාපටය වැඩ අවසන් වී පැමිණෙන තෙක් ඒ රහස දැනගන්න.

නිශ්ශංක විජේරත්න