වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
ඉතුරු වන දේ

ප්‍රවීණ රංග ශිල්පී විජේරත්න වරකාගොඩගේ පුතණුවන් වන ජනනාත් වරකාගොඩ තාල භාණ්ඩ වැයුමට හපනෙකි. ඒත් මේ කතන්දරය ඔහු පිළිබඳ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. නවතම සිනමා නිෂ්පාදනයකට සංගීත අධ්‍යක්ෂවරයා ලෙස දායක වන්නට ඔහුට අවස්ථාව ලැබුණා. එහි ගීත ගායනයෙන් එකතුවන්නේ විශාරද උරේෂා රවිහාරියි. කලකින් හමුවුණු උරේෂාටත්, ජනනාත්ටත් එදා විශේෂ සිතුවිල්ලක් පහළ වෙලා. ඒ අලුත්ම ට්‍රෙන්ඩ් එකේ විදිහට සෙල්ෆියක් ගැහිල්ලයි. මේ සෙල්ෆි ගැනිල්ලේ විශේෂත්වය වන්නේ සියලු දෙනාම නික්ම ගිය පසු උරේෂාට පොඩ්ඩක් නවතින්න කියා ජනනාත් මේ සිනමාපටයේ අපේ මතකයට මේ සෙල්ෆිය තියා ගනිමු කියා කීමයි. අවසානයේ සියලු දෙනාටම ඉතුරුවන්නේ ඡායාරූපයක් බවයි සෙල්ෆිය ගැනීමෙන් පසු ඔහු පවසා සිටියේ.