වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
වනිතාභිමානී සම්මාන

වනිතාභිමානී 2022 කලා හා සාහිත්‍ය අංශයේ ජාතික සම්මාන පිරිනැමීම පසුගිය දින කොළඹ දී පැවැත්විණි. එහිදි ප්‍රවීණ වැඩසටහන් අධ්‍යක්ෂිකා විනීතා කරුණාරත්න මූලික වටයේදී බස්නාහිර පළාතෙන් ඉදිරිපත්වු තරගකාරියන්ගෙන් බස්නාහිර පළාතටම තේරුණු ජයග්‍රාහිකාව විය. දෙවැනි වටයේදී පැවති තරගාවලියේදී ලංකාවෙන්ම පළාත් නවයෙන්ම කලාව නියෝජනය කළ තරගකාරියන් නව දෙනෙකු තේරී පත්වීමෙන් අනතුරුව 16 වැනිදා පැවති අවසන් තරගාවලියේදී පළාත් නවයෙන්ම ශ්‍රී ලාංකික අභිමානය රැගෙන 2022 වනිතාභිමානී සම්මානය ඇය දිනා ගන්නා ලදි.
එහි වනිතාභිමානි ජනප්‍රියතම නිළිය සම්මානය ශලනි තාරකා හිමිකරගත් අතර ආයතනික හා ප්‍රවෘත්ති අංශයේ ජයග්‍රහණය නිරංජනී ෂම්මුගරාජා හිමි කරගත්තාය.