හෙක්ටර් ඒකනායක සමුගනී

මාර්තු 30, 2023

 

සටන් නළුවකු ලෙසින් නොමැකෙන සටහන් තැබීමට සමත් වූ අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමා නළු හෙක්ටර් ඒකනායක මහතාගේ අවසන් කටයුතු ඉකුත් 23 දින බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරිණි.

‘රන්මුතු දුව’ චිත්‍රපටයේ දිය ගැඹුරේ ගාමිණි ෆොන්සේකා සමඟ කළ ත්‍රාසජනක සටන් ජවනිකා සේම ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ සටන් දර්ශන තුළින් රසික සිත් සතන් ඇද බැඳ ගැනීමට සමත් වූ හෙතෙම බටහිර සිනමාවේ ජේම්ස් බොන්ඩ් වර්ගයේ ‘තන්ඩර්බෝල්’ චිත්‍රපටයේ ද රඟපෑවේය.

මියයන විට 83 වැනි වියේ පසු වු ඒ මහතා ආතර් සී. ක්ලාක් මහතා විසින් සිනමාවට හඳුන්වා දෙන ලදී.

ඒ මහතා පිළිබඳ විශේෂ ලිපියක් ලබන සරසවියේ පළ වේ.