වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
හංසවිලක් හෙට ජාතික රූපවාහිනියේ
මාර්තු 30, 2023

ජාතික රූපවාහිනියේ සිනෙ ඡායා සිනමා සත්කාරය චිත්‍රපට මාලාව යටතේ හංසවිලක් චිත්‍රපටය හෙට (31) රාත්‍රි 10.00ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. ඒ වෙනුවෙන් එදින රාත්‍රි 9.30 සිට 10.00 දක්වා සිනමා විචාරයක් ද පැවැත්වේ. ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ, ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායකගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන හංසවිලක් චිත්‍රපටයෙහි ඔහු මෙන්ම ස්වර්ණා මල්ලවාරච්චි, හෙන්රි ජයසේන, වසන්ති චතුරාණි, ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍ර ඇතුළු නළු නිළියෝ රැසක් රඟපෑහ.