තිත්ත තේ වැඩ ඇරැඹේ

මාර්තු 30, 2023

 

අජිත් මෙන්ඩිස් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන තුෂාර හේමචන්ද්‍රගේ නිෂ්පාදනයක් වන ‘තිත්ත තේ’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේ දී පැවැත්විණි. එරික් හෙන්රික්ස්, තාරුකා වන්නිආරචිචි, රොෂාන් පිලපිටිය, විරාජ් පෙරේරා, ෆර්නි රෝෂනි, නිපුන් ජීවන්ත, අවන්ත පෙරේරා මීට රංගනයෙන් දායක වෙති.