වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
රාවණාභිමානි
මාර්තු 30, 2023

නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා මධ්‍ය මහා විද්‍යාලයීය උසස් පෙළ කලා අංශය සංවිධානය කළ 2022 වර්ෂයේ කලා උලෙළෙ පසුගිය දින සමුදුර කලා මෞලී මංගල්‍යය ‘රාවණාභිමානි’ නමින් පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඒ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා හා කලාප අතිරේක අධ්‍යක්ෂිකා මෙත්සිලා රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි. විදුහල්පතිනි සුරේඛා සිරිවර්ධන මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලයද එයට සහභාගි වූහ. මෙහිදී කාගෙත් සිත් අමන්දානන්දයට පත් වූයේ රාවණා කතා පුවත රැගත් වේදිකා නාට්‍යය නිසාවෙනි.