වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
සිරස අංක 1 මැදිරිය ගාමිණි ෆොන්සේකා නමින් විවෘත වූ දා
මාර්තු 30, 2023

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සූරීන්ගේ 87 වැනි ජන්ම දිනය පසුගිය මාර්තු 21 වැනිදාට යෙදී තිබිණි. එය නිමිති කොට ගෙන රත්මලානේ පිහිටි සිරස නාලිකාවේ ස්ටේන් ස්ටුඩියෝහි අංක 1 මැදිරිය ගාමිණි ෆොන්සේකා සූරීන්ගේ නමින් නම් කිරීමේ උත්සවය පසුගිය (24) වැනිදා රත්මලාන ස්ටේන් ස්ටුඩියෝහි දී පැවැත්විණ. සිරස ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ගාමිණි පුත් දම්මිත් ෆොන්සේකා ඇතුළු කලාකරුවන් රාශියකගේ සහභාගීත්වයෙන් මේ මැදිරිය විවෘත කෙරිණ.