වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
ඉතිහාසය උඩු යටිකුරු කළ 95 වැනි ඔස්කාර් සම්මාන උලෙළ

ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උලෙළ සැලකෙන්නේ අන්තර්ජාතික සම්මාන උලෙළ අතර කූටප්‍රාප්තිය ලෙසිනි. හොලිවුඩ් පුරයේ සුපිරි විශිෂ්ටයන් අතරින් අති විශිෂ්ටයන් තෝරා ගන්නා මහා සිනමා මංගල්‍යයේ තවත් උත්කර්ෂවත් රාත්‍රියක් 2023 මාර්තු 12 වැනිදා උදාවිණි. මෙවර ඔස්කාර් සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හි ඩොල්බි තියෙටර්ස්හි දී පැවැත්වුණු අතර 2022 ප්‍රදර්ශනය කෙරුණු සිනමා පට මෙහිදී සම්මානයට පාත්‍ර විණි. සෑම ඔස්කාර් සම්මාන උලෙළක් ම ඇරැඹෙන්නේ තරු හද ගැස්ම වේගවත් කරමිණි. 95 වැනි සම්මාන උලෙළ වෙනත් වසරවල සිනමා සම්මාන උලෙළට වඩා සුවිශේෂී වන්නේ එය ආසියාවට අභිමානයක් ගෙනා සම්මාන උලෙළක් බැවිනි.
95 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ හොදම සිනමා පටය වූයේ Everything Everywhere All at ය. අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ - ප්‍රහසනාත්මක සිනමා පටය සම්මාන එකොළහකට නිර්දේශ වී තිබුණු අතර ඉන් ප්‍රධාන පෙළේ සම්මාන හතකට ම හිමිකම් කීමට සමත් විය.
හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ එහි එව්ලින් ක්වෑන් වෑන්ග් ලෙස රැගූ Michelle Yeoh / මිෂෙල් යිඕ විසිනි. ආසියානු නිළියක ඔස්කාර් සම්මාන උලෙළක හොඳම නිළිය ලෙස සම්මානයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙයය. සිනමා පටයේ ඇය රැගුවේ චීන සංක්‍රමණිකයකු ගේ චරිතය ය. හැට හැවිරිදි ඇය සම්මානය දෝතට ගත් පසු මවට වීඩියෝ ඇමතුමක් ලබා ගත්තා ය. මව දියණියට පවසා ඇත්තේ " මැලේසියා විය නො විය හැක්කක් නැහැ " / " මැලේසියා බෝලේහ් " යනුවෙනි. මිෂෙල් හොලිවුඩ් සිනමා පටවලට රංගනයෙන් දායකවන්නේ 1997 සිට ය. 1997 දී Tomorrow Never Dies ජේම්ස් බොන්ඩ් සිනමා පටයට එක් වන ඇයට ඔස්කාර් සම්මානයක් ලබා ගැනීමට වසර 26 ක් බලා සිටීමට සිදුවූවා ය.
හොඳම නළුවා වූයේ Brendan Fraser / බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් ය. The Whale සිනමා පටයේ චාලි නම් චරිත රංගනයට ඔහුට සම්මානය හිමි විණි. පනස් හතර හැවිරිදි බ්‍රෙන්ඩන් කැනේඩියානු - අමෙරිකානු නළුවෙකි.
හොඳම අධ්‍යක්ෂවරයා අංශයෙන් Everything Everywhere All at Once සිනමා පටයේ අදියුරුවරුන්වූ Daniel Kwan and Daniel Scheinert ඩැනියල් ක්වාන් සහ ඩැනියල් ෂීනට් සම්මානයට පාත්‍ර විය.
හොඳම සහාය නළුවා සම්මානය දිනා ගත්තේ Everything Everywhere All at Once සිනමා පටයේ වේමන්ඩ් වැන් සේ රැගූ Ke Huy Quan / කී හුයි ක්වාන් ය. අසූව දශකයේ Indiana Jones and the Temple of Doom (1984) ~ƒ The Goonies (1985) සිනමා පටවල ළමා නළුවකු ලෙසින් රැගූ ඔහුට පසු කාලීනව සිනමා රංගනයට ආරාධනා නො ලැබුණු බැවින් හොලිවුඩයට ආයුබෝවන් කීවේ ය. එහෙත් මේ අමෙරිකානු නළුවාට ජීවිතයේ 71 වැනි සැතපුම් කණුව පසු කරමින් සිටියදී ඔස්කාර් සම්මාන ලාභියකු වීමේ වාසනාව හිමි විණි. ක්වාන් වියට්නාමයේ උපන්නකු බැවින් පළමු ඔස්කාර් සම්මාන ලාභී වියට්නාම් ජාතිකයා බවට පත්වීමේ භාග්‍ය හිමිවී තිබෙයි. එපමණක් නොව හොදම සහාය නළුවා යන අංශයෙන් සම්මානයට පාත්‍රවූ පළමු ආසියාතික නළුවා වන්නේ ද ඔහු ය. හොදම සහාය නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වන්නේ ද Everything Everywhere All at Once හි රැගූ තාරකාවකි. ඇය Jamie Lee Curtis / ජෙමී ලී කර්ටිස් ය. හැට හතර හැවිරිදි ජෙමී මෙහි රගන්නේ ඩියඩ්‍රි බියුබියඩ්‍රි නම් චරිතය ය. අමෙරිකානු ජාතික ඇය රංගන ශිල්පිනියක, නිෂ්පාදිකාවක මෙන්ම ළමා ග්‍රන්ථ රචිකාවක ද වන්නී ය. ගෝල්ඩන් ග්ලෝබ්, බැෆ්ටා වැනි සම්මාන ගණනාවක ම හිමිකම් කීව ද ඇය ඇකඩමි සම්මානයක් හිමි කර ගත් ප්‍රථම අවස්ථාව මෙය ය.
විශිෂ්ට ම මුල් තිර නාටකය ලෙස ඩැනියල් ක්වාන් සහ ඩැනියල් සීනට් රචනා කළ Everything Everywhere All at Once හිමිකර ගත්තේ ය. විශිෂ්ට ම අනුවර්තන තිර නාටකය වූයේ Sarah Polley / සාරා පෝලේ රචනා කළ Women Talking තිර නාටකය ය. සාරා එය රචනා කර තිබෙන්නේ මීරියම් ටෝව්ස් ගේ නව කතාවක් පදනම්කර ගෙන ය.
Guillermo del Toro's Pinocchio හොඳම සජීවීකරණ විශේෂාංග සිනමා පටය විණි. විශිෂ්ට ම අන්තර්ජාතික විශේෂාංග සිනමා පටය වූයේ ජර්මානු සිනමා නිර්මාණයක්වූ ඒතත All Quiet on the Western Front ය.
හොඳම වෘත්තාන්ත විශේෂාංග නිර්මාණය ලෙසින් පිදුම් ලැබුවේ Navalny ය.
ආසියානුවන් ගේ අභිමානය ඉහළ නැංවීමට ඉන්දියාව නියෝජනය කළ The Elephant Whisperers සමත් වූයේ හොඳම කෙටි වෘත්තාන්ත නිර්මාණයට සම්මාන හිමිකර ගනිමිනි. ඉන්දියානු වාර්තාමය නිර්මාණයකට සම්මාන හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. සතුන් සහ සතුන් රැකබලා ගන්නන් ගේ බැඳීම විදහා දක්වන මේ කෙටි වෘත්තාන්තය දකුණු ඉන්දියානු නිර්මාණයකි. මෙහි අදියුරු වූයේ කර්තිකි ගොන්සාල්ව්ස් ය. මින් පෙර 1969 දී The House That Ananda Built සහ 1979 දී An Encounter With Faces නිර්දේශ වුව ද සම්මාන හිමි නො විණි.
ඉන්දියාවට හොදම ස්වීය ගීතයට හිමි ඇකඩමි සම්මානය හිමි වූයේ ඉන්දියාවට මෙන් ම ආසියාවට ද සාඩම්බරයක් ගෙන දෙමිනි. තෙලිගු බසින් නිර්මාණය වුණු Naatu Naatu ගීය හොලිවුඩයේ සුපිරු තරු අතර අතිශය ජනප්‍රියවූ ගීතයකි. Naatu Naatu ගීය ඔස්කාර් වාර්තා පොතට එක්වූයේ ඇකඩමි සම්මානය හිමිකරගත් පළමු ඉන්දීය සිනමා ගීතය වශයෙනි. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ඉන්දීය ගීතය ද Naatu Naatu ය.
Everything Everywhere All at Once හොදම සිනමා පටය ලෙසින් ජය ලැබූ පසු හොදම සහාය නළුවා ලෙසින් සම්මානයට පාත්‍රවූ ක්වාන් වේදිකාවට දිව ගොස් ළමා නළුවකු ලෙසින් සිටියදී සිය සහාය නළුවකු වූ හැරිසන් ෆෝඩ්ව සිප වැලද ගත්තේ ය. සම්මානය පිරි නැමුවේ ෆෝඩ් විසිනි.
ජෝන් ට්‍රැවොල්ටා ඔලීවියා නිව්ටන් ජෝන් පසුගිය වසරේ පියයුරු පිළිකාවෙන් සමු ගැනීමේ අමිහිරි මතකය අවදි කළේ කදුළු පිරි දෙනෙතිනි. ඔහු ගේ බිරිය , දිගු කාලීන මිතුරියක වූ කර්ස්ටි ඇලේ ද මිය ගියේ පිළිකාවකිනි.
විශිෂ්ට ම දෘශ්‍ය රංගෝපක්‍රමය සඳහා Avatar: The Way of Water සිනමා පටයට සම්මාන ලැබුණු අතර සම්මානය පිරි නැමුවේ එළිසබෙත් බෑන්ක්ස් විසිනි. ඇය වේදිකාවට පැමිණියේ යෝධ දඟකාර කොකේන් වලසකු සමඟිනි. වේදිකාවේදි ඇය මෑතකදී දෘශ්‍ය රංගෝපක්‍රම භාවිත නො කර කොකේන් වලසා යොදා ගෙන සිනමා පටයක් කළ බව පවසා සභාව සිනා ගැස්වී ය.