වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
නිහාල් නෙල්සන් ගේ පුත් තරංග ගීත ලෝකයට
මාර්තු 23, 2023

දැයෙන් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් ගේ පුත් තරංග නෙල්සන්ගේ සංගීත සම්ප්‍රාප්තිය ‘පුත්‍ර ප්‍රභාතය’ ලෙසින් පසුගිය දින කලාකරුවන් සහ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. පියා විසින් ගායනා කරන ලද මුල් ගීත දෙකක් වන ‘ලස්සනට පිපුණු වන මල්’ හා ‘කරුණා සුවඳ තවරාලූ’ ගීත ද්විත්වය එදින රූප රචනා සමඟ දොරට වැඩි අතර එදින ගායක ගායිකා සංගමයේ සාමාජිකත්වය ද ඔහුට පිරිනැමිණ.