රවීන්ද්‍ර රන්දෙණිය, චන්න-උපුලි-අසේකා ඇගැයුම් සම්මාන ලබති

මාර්තු 23, 2023

Business world International Organization (USA)  ශ්‍රී ලාංකික පදනම විසින් සංවිධානය කරන ලද සම්මාන උලෙළක් පසුගිය දින කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි. ලාංකික සිනමාව වෙනුවෙන් දිර්ඝ කාලීනව කළ විශිෂ්ට කැපකිරීම සඳහා මෙවර ජිවිතේ එක් වරක් පමණක් පිරිනමන (Business world International Lifetime Acheivers) සම්මානය ප්‍රවීණ රංගවේදී, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියට පිරිනැමිණ. නර්තන සංස්කෘතිය අන්තර්ජාතික මට්ටමෙන් ලෝකයට ගෙනයෑම වෙනුවෙන් කළ කැපකිරීම සඳහා ප්‍රවීණ නර්තනවේදී, කලාසූරී, ආචාර්ය චන්න විජේවර්ධන, Business world International pride of Global award සම්මානයෙන් පිදුම් ලැබූ අතර උපුලී පණීභාරත Lifetime Acheivers Jury Award  සම්මානයෙන් සහ අසේකා විජේවර්ධන Service Excellence Jury Award  සම්මාන සහතිකවලින් එහිදී පිදුම් ලැබිණි.

සේයා - මාලන් කරුණාරත්න