වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය හා සතරාව දීපනී ප්‍රණාම උලෙළ

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ඔහුගේ ජන්ම දිනයට සමගාමීව පැවැත්වුණු ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය හා සතරාව දීපනී ප්‍රණාම උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණ. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, කලාකරුවන් හා විශේෂ ආරාධිතයන් ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උලෙළේදී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිෂ්පාදනය කළ චිත්‍රපටවල අධ්‍යක්ෂවරුන් හා ඊට රංගනයෙන් දායක වුණු ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන්ට සම්මාන හා තිළිණ ප්‍රදානය ද එහිදී සිදු කෙරිණි. ජ්‍යේෂ්ඨ රංගවේදී සිරිල් වික්‍රමගේ, සුද්දිලාගේ කතාව සිනමාපටයේ අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක සහ සිරිමැදුර සිනමාපටයේ අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල මෙහිදී ජනාධිපතිතුමා අතින් සම්මාන ලැබූහ.
සේයා - සුලෝචන ගමගේ