වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
මංගල දර්ශනය ඇතුළේ දියණියන්ගේ කලඑළිය
මාර්තු 16, 2023

සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ දෙවැනි දියණිය වන ශේෂාද්‍රි ඇගේ දියණියන් දෙදෙනා පසුගිය දිනෙක මාධ්‍යයට අනාවරණය කළා. ඒ නවතම සිනමාපටයක් වන යාළුවෝද යාළුයිද? මංගල දර්ශනයට පැමිණි මොහොතේ. මෙය අහඹු සිදුවීමක් වුණා. දිනේෂ් ප්‍රියසාද්ට සීයා කෙනකු වීම නිසා තිබුණේ පුදුම සතුටක්. ඔවුන්ගේ විවිධ ඡායාරූප මීට පෙර පළ වී තිබුණත් එදා මාධ්‍යවේදීන් ගත් ඡායාරූප කැමරා කෝණ වෙනස්ම ආකාරයේ ඒවා බවට පත්වුණා. පැමිණි සිටි බොහෝ නළු නිළියන් සහ ආරාධිතයන් ශේෂාද්‍රිට හා සැමියාට කියා සිටියේ මංගල දර්ශනයට වඩා දරුවන් දෙදෙනා මාධ්‍යයට නිරාවරණය කිරීම සතුටක් බවයි.