වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
ඊළඟට මම

මහාචාර්ය සුනිල් ආරියරත්න පසුගිය දිනෙක මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘වෙඩි නොවදින ළමයි’ නරඹන්න සැවෝයි සිනමා ශාලාවට පැමිණියා. මහාචාර්යවරුන් දෙදෙනාම සිනමාව ගැන කතාබහ කරන අතරතුරේ පිටුපසින් අසන්නට ලැබුණේ ළමයින්ට නම් නොවේ වෙඩි වදින්නේ දැන් අපිටයි කියාය. එය ඇසුණු දෙදෙනාම පොඩි තිගැස්සීමකට ලක්වුණා. කෙසේ වෙතත් සුනිල් ආරියරත්නයන් නම් කියා සිටියේ ඔබේ සිනමා පටයට පසු මගේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ සිනමාපටය තිරගත වන බවයි. එය බොහෝ දෙනකුට අලුත් ආරංචියක් වුණා. වෙඩි නොවදින ළමයිගෙන් පස්සේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ බලන්න දැන් බොහෝදෙනා බලා සිටින වග ආරංචියි.