Football Dream සඳහා නවකයන්ට අවස්ථාවක්

මාර්තු 16, 2023

ටවුමෙ ඉස්කෝලේ, වැලි පවුරු ඇතුළු සිනමාපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ප්‍රකට අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලබන වික්ටෝරියා එන්ටර්ටේන්මන්ට් ඉදිරිපත් කිරීමක් ලෙසින් නිෂ්පාදනය කරනු ලබන නවතම සිනමා පටය Football Dream සඳහා පාපන්දු ක්‍රීඩා කිරීමට දක්ෂ වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණයින් රැසක් අවශ්‍ය කර තිබේ. මේ සඳහා කෙරෙන සම්මුඛ පරීක්ෂණය ලබන මස 18 වෙනිදා වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී සිදු කරනු ලබන අතර එදින උදෑසන 9 සිට දහවල් 12 දක්වා දක්වා එය පැවැත්වේ. දමිළ බස කතා කථා කිරීමට හැකි නම් එය අමතර සුදුසුකමක් සේ සලකනු ලැබේ.