කලාකරුවෝ විවෘත ක්‍රිකට් තරගාවලියක

මාර්තු 16, 2023

 

‘මනුෂ්‍යත්වයේ අපි කලාකරුවෝ’ කලා සංගමය මඟින් ප්‍රථම වරට සංවිධානය කරන විවෘත සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් මේ මස 25, 26 දෙදින පුරා පන්නිපිටිය දූව ක්‍රීඩාංගණයේදී පැවැත්විමට කටයුතු යොදා තිබේ. මේ තරගාවලිය කලාකරුවන්ට හා ප්‍රේක්ෂක ජනතාවට විවෘත තරගාවලියකි. මෙහි ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමෙන බව සංවිධායක මඬුල්ල පවසයි.