වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
ගුලි ගුණ සුවඳ අද

මාධ්‍යවේදි, කලාසූරි ගුණදාස ලියනගේ ගේ 25 වැනි ගුණ සමරු උලෙළ ‘ගුලි ගුණ සුවඳ’ අදට (16) යෙදී ඇත. කලාසූරී ගුණදාස ලියනගේ සැමරුම් පදනම විසින් සංවිධානය කරන මේ උලෙළ සවස 3.30 ට කොළඹ පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. මේ උලෙළේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රුහුණු වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක ඩයස් යනාදීහු කෙටි දෙසුම් පවත්වති. ගායන ශිල්පී ශිල්පිනියන්ගේ පිය සමර ගී සරණියක් ද පැවැත්වෙනු ඇත.