සුවසර ගී දැහැන

මාර්තු 16, 2023

වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සහ සුබසාධක කටයුතු සඳහා පවත්වන ‘සුවසර ගී දැහැන’ මේ මස 25 වැනි දින සවස නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය. විශාරද සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, දීපිකා ප්‍රියදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, ජගත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි, දයාන් විතාරණ, ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ළහිරු පෙරේරා සමඟ මිහිඳු ආරියරත්න ගී ගයන අතර විශාරද ජගත් වික්‍රමසිංහ සහ මේජර් සේනාධීර ජයරත්න සංගීත අධ්‍යක්ෂණය කරති. වාදනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වාද්‍ය වෘන්දය විසින් සිදු කෙරෙන අතර නර්තන වින්‍යාසය ශ්‍රී ලංකා යුද හමුදා නර්තන කණ්ඩායම විසින. කථනය වජිර ජයවර්ධන ගෙනි. මෙහි ප්‍රධාන සංවිධායක ලෙස දීප්ති විජේතුංග කටයුතු කරන අතර අනුශාසකත්වය කලාකීර්ති සතිස්චන්ද්‍ර එදිරිසිංහ සහ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව ගෙනි.