සිනමා කතිකාව

මාර්තු 16, 2023

සිනමා සංස්කෘතියේ පෝෂණය උදෙසා පවත්වනු ලබන ‘සිනමා කතිකාව’ අද පස්වරු 3 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ. මෙවර කතිකාව මැදමාවතේ සිනමාව සහ එච්.ඩී.පේ‍්‍රමරත්න පිළිබඳවය. සිනමා විචාරක ගුණසිරි සිල්වා, චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මෙහි ප්‍රධාන දෙසුම් පවත්වති. ඉන් අනතුරුව මංගල තෑග්ග සිනමාපටය තිරගත කිරීමට නියමිතය. ඒ සඳහා ඔබ සියලු දෙනාට ආරාධනා කෙරේ.