වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නමින් මැදිරියක්

ශ්‍රවණ කලාප සීමාව අතික්‍රමණය කරමින් ජාතික ගුවන් ගුවන්විදුලිය ජනතාවට ඇඟිලි තුඩින් ළඟාවීමට SLBC වෙබ් අඩවිය හා SLBC mobile යෙදවුම් ජනගතකිරීම හා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නමින් මැදිරියක් නම් කිරීම පසුගිය දින ප්‍රවාහන, මහා මාර්ග හා ජනසන්නිවේදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි පට්ටියවල මහින්ද හිමියන් විසින් නිර්මාණය කරන ලද ඉඹ්ඕඛ් වෙබ් අඩවිය හා SLBC mobile යෙදවුම ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී එළිදැක්විණි. මේ අවස්ථාවට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය සහ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ද සහභාගී වූහ.