වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
විජයගේ දැක්ම ඉදිරියට ගෙන යන අප පදනමේ කිසිවකු විජයව දැකලාවත් නැහැ

දිවංගත විජය කුමාරතුංගයන්ගේ 35 වැනි ගුණ සැමරුමට සමගාමීව එතුමාගේ දිවි අහිමි කළ පොල්හේන්ගොඩ එම ස්ථානයේදී විජය ස්මාරක පිළිරුවක් ස්ථාපිත කැරෙමින් පුෂ්පෝපහාර දැක්වීමේ හා අඩු ආදායම්ලාභී පවුල්වලට වියළි ආහාර ප්‍රදානය කිරීමේ වැඩ සටහන් රැසක් විජය පදනමේ සංවිධානයෙන් ඉකුත් 16 වන දින එහිදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන ආරාධීතයා ලෙසින් සහභාගී වූ සරසවිය ප්‍රධාන කර්තෘ විජය කුමාරණතුංගයන්ගේ මානූෂීය ගුණාංගයන් පිළිබඳ විවරණයක් කළ අතර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, කොළඹ නගර සභාවේ විපක්ෂ නායක එම්.එච්.මන්සීර්, ප්‍රකට නිෂ්පාදක, අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර මහත්වරුද මෙහිදී සභාව ඇමතූහ.
මෙම ස්ථානයේ පැවැති විජය පිළිරුව සීදූව රෝහල ඉදිරිපිටට රැගෙන යාමත් සමඟ එතුමා දිවි දුන් ස්ථානයට විජය පිළිරුවක අවශ්‍යතාව අවධාරණය කරමින්. ඒ වෙනුවෙන් මාස 11ක් පුරා වෙහෙසව තම විජය පදනමේ අරමුණු සඵල කරගත් අයුරු පිළිබඳව එහි සභාපති ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, ගේය පද රචක මාධ්‍යවේදී ධම්මික තිසේරා මහතා සරසවියට මෙසේ පැවසීය.
“අපේ විජය මහත්තයව මමවත්, අපේ පදනමට සවියක් වන තරුණ සහෝදර සහෝදරියන්වත් දැකල නැහැ. නමුත් මගේ මවුපියනට හා සමාන පුදුම භක්තියක් මා තුළ එතුමාට තියෙන නිසාම එතුමා වෙනුවෙන් යමක් කරන්නට එතුමාගේ සොහොයුරිය රූපා කුමාරණතුංග මැතිනිය සමඟ කතිකා කරගෙන 2018 සැප්තැම්බර් මස 24 දා මගේ උපන් දිනය දා මුල්ම පියවර තැබුවා.
මේ වනවිට අප විජය පදනම විසින් එතුමාගේ මානව චින්තනයට අදාළව අඩු ආදායම්ලාභී ජනතාවට වියළි ආහාර ලබාදීම්, කුරුවිට පාසලේ විජය කුමාරණතුංග අනුස්මරණ ප්‍රධාන ශාලාව පිළිසකර කිරීම්, පුස්සැල්ලාවේ සිංහල දෙමළ දූ පුතුනට අධ්‍යාපනයට පහසුකම්, රාගම රණවිරු සෙවණ ආබාධිත රණවිරුවන් 117කුට අවශ්‍ය පහසුකම් ආදී තවත් බොහෝ දේ මේ වනවිට අප පදනම සිදුකොට තිබෙනවා.
පොල්හේන්ගොඩ මේ සද්කාර්යයේදී මෙම භූමිය ලබාගන්නට, මෙම ස්මාරකය ඉදිකරගන්නට පද්මසිරි කොඩිකාර මහතා වගේම මාර්ග සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ලබාගැනීමට නගර සභාවේ විපක්ෂ නායක එම්.එච්.මන්සීර් මන්ති‍්‍රතුමා, ජීවන් කුමාරණතුංග, ඇලරික් ලයනල් ප්‍රනාන්දු, කොවිඩ් උවදුරෙන් අහිමි වූ ධර්මසිරි, සුනිල් ටී. ප්‍රනාන්දු මහත්වරුන් ලබාදුන් සහාය අතිශයින් අගය කරනවා.
විජය ස්මාරකය තැනූ මූර්ති ශිල්පී පැතුම් ශ්‍රී පාල්, අරුන් චෙල්වම්, රූපලාවණ්‍ය හා අංග රචනා ශිල්පීනී තුෂාරා ජීවන්ති, නිශාන්ත කුමාර, රුක්මල් ඇන්තනී, නිශාන් හෙට්ටිආරච්චි, කවීෂ කවි, රුවන් විතානගේ ආදී එතුමාව නුදුටු සහෝදර සහෝදරියන් රැසක් ම අපට සිටිනවා. ස්මාරකය වටා සුදු යකඩ වැට තැනීමේදී ද මේ හැමෝම එකාවන්ව උන්නා.
ඉලක්කය, මල්මී, හේලංකඩ, දේදුනු සිහින, මානාවාරිය ආදී ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයා වන විජය පදනමේ සභාපති ධම්මික තිසේරා මහතා පුවත්පත් විශේෂාංග කර්තෘවරයකු ලෙසින් ද කටයුතු කොට ඇත.