වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
සෙනසුරු මාරුව

බුද්ධික ජයරත්න පසුගිය අවුරුදු දහතුනක් තිස්සේ බලාගෙන ඉන්න වැඩක් තියෙනවා කියලා පසුගිය දවසක ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කියලා තියෙනවා. හැබැයි ඒ බලාගෙන හිටපු අවුරුදු දහතුනේ ම ඔහුට එන හැම දුරකතන ඇමතුමකදිම ඔහු ගෙන් අහලා තියෙන්නේ අර නළුවාගේ නොම්බරේ තියෙනවද ? මේ නිෂ්පාදකවරයාගේ නොම්බරේ තියෙනවද? නැත්තම් මචං අහවල් අධ්‍යක්ෂවරයාගේ නොම්බරේ තියෙනවාද? කියන එක විතරයි. ෆිල්ම් එකක් ගැන අවුරුදු 11 බලාගෙන ඉදලා ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම සිනමාපටය මිදුණු විශ්වය නම් රඟපාන්න ලැබුණ කියලා ඔහු දැන් නම් හැම තැනම කිය කියා යනවා. ඒත් උදයකාන්තගෙන් දැනට වසර 13ක් තිස්සෙම බලාගෙන ඉන්නවා අර ඉස්සෙල්ලා කිව්වා වගේ ජයන්ත චන්ද්‍රසිරි ගෙන් ලැබුණ වගේ දුරකතන ඇමතුමක් ලැබෙනකම්. ඒත් බුද්ධික කියන්නෙත් සෙනසුරු මාරුව වෙනකම් මේ වැඩේ නම් වෙන්නැති වෙයි කියලා. කොහොම වෙතත් බුද්ධික ජයරත්න ගේ ප්‍රාර්ථනාව නම් කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය දකින තෙක් ඔහු උදයකාන්තගේ සිනමාපටයක රඟපාන්න බලාගෙන ඉන්න බවයි. හැබැයි එදාටත් අමාවක සඳ වුණොත් වැඩේ වරදින බවයි හැමදෙනාම බුද්ධිකට නම් කියලා තියෙන්නේ.