ලොකු අයියා

මාර්තු 9, 2023

ආදරයට කවුරුත් ඔහු ඇමතුවේ ලොකු අයියා කියලයි. මේ විශේෂ කතාවට භාජනය වන්නේ ඔහුගේ සිනමාපට හතරක් ම එක දිගට සිනමාභිමානි උලෙළේදී මාර්තු 13 සිට 24 වැනිදා දක්වා ප්‍රදර්ශනය වන නිසයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඉතිහාස කතාවක ඔහු රඟපාන පළමු අවස්ථාවත් මේ උලෙළේ සිනමාපටයක ප්‍රදර්ශනය වන නිසාය. පුබුදු චතුරංග රාජසිංහ රජු ලෙසත් ලොකු අයියා පිළිමතලාවේ මහ අදිකාරම් ලෙසත් මේ චිත්‍රපටයේ රංගනයට එක්වෙයි. දිසාව කියන්නෙ එකල මුළු දිසාවක් ම හොල්ලපු කෙනෙක්. ලොකු අයියත් සිනමාවේ එවැනිම කෙනෙක්. මේ එළැඹෙන සිනමාභිමානි උලෙළේදී ලොකු අයියටත් ගරු බුහුමන් දක්වන්නට ඔහුගේ ගෝලයෝ පිරිස ලක ලෑස්ති වෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ ලොකු අයියා අන් කවරකුවත් නොව ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාය.