වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
කලාකරුවන් 350 කට රක්ෂණාවරණයක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සිනෙස්ටාර් කලාකරුවන් වෙත පිරිනැමෙන ජීවිත හා සෞඛ්‍ය රක්ෂණාවරණය පසුගිය 02 වැනිදා නවලෝක ශ්‍රවණාගාරයේදී සිනමා කර්මාන්තයේ සියලුම අංශ නියෝජනය කරමින් එහි සාමාජිකයන් 350 කට අධික සංඛ්‍යාවක් සඳහා පිරිනැමිණ. ඒ සඳහා සිනෙස්ටාර් පදනමේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම, ප්‍රවීණ රූපණවේදි ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ රූපණවේදිනී ශි‍්‍රයාණි අමරසේන, ආචාර්ය කිෂූ ගෝමස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන නිලධාරී (ජීව රක්ෂණ) දයාරත්න පෙරේරා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නියෝජ්‍ය ප්‍රධාන අලෙවි අධිකාරි සහ ජීවිත රක්ෂණ බෙදාහැරීම් ප්‍රධානී නාමලි ඒ. සිල්වා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන නිලධාරී (සාමාන්‍ය රක්ෂණ) ප්‍රියන්ත පෙරේරා ප්‍රධාන ආරාධිතයන් ලෙස එක් වූහ.
මේ වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වූයේ දේශීය කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් හා ජීවිත රක්ෂණයක් ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය කරන සෞඛ්‍ය රැකවරණය ලබා දීමයි. මේ තුළින් කලාකරුවන් දිරි ගැන්වීම සහ ඔවුන්ගේ හෙට දිනය පිළිබඳ විශ්වාසයක් ඇති කිරීමට බලාපොරොත්තු වේ. වත්මන් තත්ත්වය තුළ සෞඛ්‍ය රක්ෂණය සෑම කෙනෙකුටම අවශ්‍ය වන අතර එවන් අවස්ථාවක මේ සෞඛ්‍ය රක්ෂණාවරණය කලාකරුවන් සඳහා වරප්‍රසාදයක් ලෙස පිරිනමනු ඇත.
මේ රක්ෂණාවරණය සිනෙස්ටාර් පදනමේ සාමාජිකත්වය දරන කලාකරුවන් 350ක් සඳහා මිලියන 35ක් වශයෙන් ලබාදීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන අලුත්ගමගේ මහතා සඳහන් කළේය.