වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
සිනමාභිමානී චිත්‍රපට දැක්ම 13 සිට 24 වැනිදා දක්වා

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ (Film Direct Guilt of Sri Lanka- DGSL) දස වර්ෂ පූර්ණය නිමිති කොට ගෙන සිනමාභිමානී නමින් සිනමා දැක්මක් සහ සම්මාන ප්‍රදාන උත්සවයක් සංවිධානය කර ඇත. එය මේ මස 13 වැනිදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා සිනමාහල් 15ක පැවැත්වීමට නියමිතය. ඒ අනුව මතු දකින ජනාකර්ෂණීය චිත්‍රපට 09ක් මේ සිනමාහල්වල දී තිරගත කෙරේ. සෑම සිනමා ශාලාවකම මේ වෙනුවෙන් වෙන්වනුයේ පස්වරු 06.30 දර්ශනයයි. එයට සමගාමීව පවත්වනු ලබන සිනමාභිමානි සම්මාන උලෙළ මාර්තු 17 වැනිදා සවස බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. එහිදි 60, 70, 80, දශකයන්හිදී මෙරට සිනමාව වෙනුවෙන් කැපවූ ප්‍රවීණතම සිනමා අධ්‍යක්ෂවරුන් දසදෙනෙකු සඳහා සම්මාන පිරිනැමීම සිදුවේ. එහිදී ආචාර්ය සුමිත්‍රා පීරිස්, සේන සමරසිංහ, නීල් රූපසිංහ, චන්ද්‍රන් රත්නම්, මාලිනී ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න, තිස්ස ලියනසූරිය, හේමසිරි සෙල්ලප්පෙරුම, ධර්මසිරි බණ්ඩාරනායක, සුගතපාල සෙනරත් යාපා යන ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් සම්මානයට පාත්‍ර වේ. ච්ට්ඉඹ් සිනමා අභිමානී 2023 සිනමා ප්‍රණාම උලෙළ සංවිධානය කිරීම සිදුකරනු ලබන්නේ 2023 /24 විධායක සභාව විසින් වන අතර මේ සිනමා දැක්ම වාර්ෂිකව පැවැත්වීමට බලාපොරොත්තු වේ. මෙයට සමගාමීව ව්‍යාපෘති රැසක් සිදුකිරීමට ද එහි විධායක සභාව තීරණය කර ඇත. මෙහි මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්තගෙනි.