වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
සේයාරුව නොකී රහස

ගායන ශිල්පී ප්‍රියනාත් රත්නායකට පසුගිය දිනෙක කලාකරුවකුගේ ප්‍රිය සම්භාෂණයකට ආරාධනා කර තිබුණා. එම සම්භාෂණයට ප්‍රියනාත් සහභාගි වුණේ අවසානයේ ගීත කීපයක් ගායනා කිරීමට රසික ආරාධනා ලබමින්. එහෙත් එදින සංගීත සාදය පැවැත්වුණේ ඩී.ජේ. සංගීතයකට අනුව සියලු දෙනාම ගයා වයා නැටීමටයි. එහෙත් ඔහුට වැටහී ගියා මෙදිනට අවශ්‍ය වන්නේ ඩී.ජේ සංගීතයම වග. ගායනය කෙසේ වෙතත් ඔහුගේ පරණ මිතුරු මිතුරියන් හමුවීම නිසා ඔහුට දැනුණේ වෙනදාට වැඩි සතුටක්. ඔහු සමඟ ඡායාරූප ගැනීමටත් ගොඩක් දෙනෙක් පොර කෑවා කියලාත් ආරංචියි. ඒ අතර ප්‍රිය සම්භාෂණය ට පැමිණි වෙලේ ඉඳන් ඡායාරූපයක් ගැනීමට වෙලාවක් පැමිණෙනතුරු බලාසිටි ශානිටත් ප්‍රියනාත් රත්නායකටත් මේ ගත් ඡායාරූපය අනිත් ඡායාරූපවලට වැඩිය වටිනා බවයි බොහෝදෙනා කතා කළේ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න