වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
මාස්ටර්ගේ අලුත් බලාපොරොත්තු

රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරියට අලුත් වැඩක් බාර දෙන්නට තිබෙන බව සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් පසුගිය දවසක හමු වූ අවස්ථාවේ කියලා තියෙනවා. මේවන විට ක්ෂේත්‍රය පුරාම ප්‍රසන්නජිත්ට ලැබෙන්න යන අලුත් වැඩේ ගැන කසු කුසුව තැනින් තැන කියවෙනවා. කොහොම වෙතත් මේ බව සඳහන් වෙලා තියෙන්නේ නම් ස්වර්ණවාහිනී නාලිකාවේ තිබුණු උත්සවයකදී. එය ඇසුණු ‘නාඩම්කාරයෝ’ නාට්‍යයට සම්බන්ධ කිහිප දෙනකුම එකතුවෙලා ‘මාස්ටර්’ සමඟ සෙල්ෆියක් ගැනීම සිදු කරලා තියෙනවා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් වැඩේ බාරදෙන්නත් ඉස්සෙල්ලා ක්ෂේත්‍රය පුරාම මෙය පැතිරී ගිහින් තියෙන නිසා ඒ ගැන වැඩේ කරනවද නැද්ද කියල දෙපාරක් ඔහුට හිතන්න වෙලාලු.