වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
පැරැණි සේයාරුව
පෙබරවාරි 2, 2023

සාරංග දිසාසේකරගේ සහ දුලානි අනුරාධාගේ ඡායාරූපයක් මේ දවස්වල සමාජ මාධ්‍යයේ සැරිසරනවා. එය දුටු සියලු දෙනාම මේ වන විටත් සිතාගෙන සිටින්නේ ඔවුන් දෙදෙනා නවතම සිනමාපටයක රූපගත කිරීම්වල යෙදෙන බවයි. ඒ නිසා ඔවුන් දෙදෙනාගෙන් හමුවෙන බොහෝදෙනා අලුත් සිනමාපටය ගැන අහනවා. මේ ගැන කිසිවක් නොදන්නා දුලානි හා සාරංගටත් මේ සිනමාපටය මොකක්ද කියලා හොයා බලන්න සිදුවුණා. 2016 වර්ෂයේ තිරගත වූ ‘පටාචාරා’ සිනමාපටයේ පැරැණි සේයාරුවක් බවයි අවසානයේ ඔවුන්ට සොයාගැනීමට ලැබුණේ.