අවසන් හමුව

පෙබරවාරි 2, 2023

 

ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ සහ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ කේ. ඩී දයානන්ද ට අවසන්වරට සිනමා කිවිඳිය ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය හමුවූයේ පසුගියදා පැවැති ‘සිල්වර් ස්ක්‍රීන් සම්මාන උලෙළ’ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අවස්ථාවේදීය. එදින ඔවුන් තිදෙනාම කතාබහ කර තිබෙන්නේ සිනමාවේ ප්‍රගමනය ගැනයි. මෙය විජේරත්න වරකාගොඩයන්ට සහ කේ.ඩී.දයානන්දයන්ට අමතක නොවන සිහිවටනයක් වේයැයි ඔවුන් මොහොතකටවත් සිතන්නට නැත.