වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
සුමති සම්මාන 2023 නිර්දේශිත නාම-2

“පුංචි තිරයේ මහා කලා මංගල්‍යය” ලෙස හඳුන්වනු ලබන සුමති සම්මාන උලෙළ 2023 පෙබරවාරි 09 වැනි බ්‍රහස්පතින්දා දින බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
පසුගිය වසර දෙක තුළ රට තුළ උද්ගත වූ සමාජ, දේශපාලන සහ ආර්ථික ගැටලු හේතුවෙන් 2020 සහ 2021 යන වර්ෂවලදී සුමති සම්මාන උලෙළ නොපැවැත්වුණු අතර, එම වර්ෂ දෙකටම අදාළ නිර්මාණයන්ට දායක වූ කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට අසාධාරණයක් නොවන පරිදි මෙම වසරේදී ඔවුන් ඇගැයීමට ලක්කිිරීමට සුමති සම්මාන සංවිධායක කමිටුව තීරණය කර තිබීම මෙවර සම්මාන උලෙළේ විශේෂත්වයකි. මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාව රැකගැනීමට කැපවෙමින් නිර්මාණකරණයේ නියැළෙන සියලු දෙනා ඇගැයීම සිය යුතුකමක් ලෙස සලකන බැවින් යැයි සුමති සම්මාන සංවිධායක කමිටුව සඳහන් කරයි.
ඒ අනුව මේ වසරේ දී 26 වැනි සුමති සම්මාන වෙනුවෙන් 2020 වර්ෂයේ රූපවාහිනි මාධ්‍යයෙන් විකාශය වූ නිර්මාණ සහ ඒවාට දායක වූ කලාකරුවන් ද, 27 වැනි සුමති සම්මාන වෙනුවෙන් 2021 වර්ෂයේ විකාශය වූ නිර්මාණ සහ ඒවාට දායක වූ කලාකරුවන් ද ඇගැයීමට ලක් කෙරෙනු ඇත.
සුමති සම්මාන උලෙළ යනු ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ රංගන ප්‍රතිභාවයන් ඇගැයීම උදෙසා පමණක් නොව, රූපවාහිනී ක්ෂේත්‍රයේ නිර්මාණකරණයේ නියැළෙන සෑම නිර්මාණකරුවකුම තමන්ගේ නිර්මාණ උදෙසා ඇගැයීම් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කලා මහෝත්සවයකි. රූපවාහිනී නිර්මාණකරණයේ සැබෑ විශිෂ්ටත්වය පැසසුමට ලක් කරමින් සුමති සම්මාන උලෙළ 1995 වර්ෂයේ සිට වසර 25කට අධික කාලයක් පුරා අති සාර්ථකවත් අඛණ්ඩවත් පවත්වා ඇත.
26 වැනි සුමති සම්මාන - 2021 සම්මාන සඳහා නිර්දේශිත නාම
හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)
*සකර්ම - චන්දන පී. ලියනගුණවර්ධන - (ස්වාධීන රූපවාහිනිය)
*මහපොළොව - සෙරනිටි එන්ටර්ටේන්මන්ට් - (ස්වාධීන රූපවාහිනිය)
*පෝරක් විදිය - එස්. රමේෂ් - (රාජ් ප්‍රඩක්ෂන්) - (ස්වාධීන රූපවාහිිනිය)
හොඳම ටෙලි නාට්‍යය (ඒකාංගික)
*දුක්කානිය - සන්තුස ලියනගේ - (ජාතික රූපවාහිනිය)
*සෙනෙහස - නලින් මාපිටිය - (ජාතික රූපවාහිනිය)
*සෙනෙහස නිම්නය - ඉරුෂ ද සිල්වා - (හිරු ටීවි)
හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය
*පි‍්‍රයන්ත ප්‍රනාන්දු - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)
*සුමිත් රත්නායක - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
*චන්දන හේවාපතිරණ - සැප්තැම්බරයේ දිගු දවසක් - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය නළුවා
*පුබුදු චතුරංග (කමල්) සැප්තැම්බරයේ දිගු දවසක් - (ස්වාධීන රූපවාහිනිය)
*ධර්මපි‍්‍රය ඩයස් (සේනක) - පෝර්ක් වීදිය - (ස්වාධීන රූපවාහිනිය)
*තුසිත ලක්නාත් (ලීලාරත්න / කිරි පුතා) - සකර්ම (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය නිළිය
*දුලීකා මාරපන (මාදනී) - පෝර්ක් වීදිය - (ස්වාධීන රූපවාහිනිය)
*උමාලි තිලකරත්න (තිලකා) සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)
*චම්පා ශි‍්‍රයාණි (සිරියාවතී) - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය සහය නළුවා
*ලක්ෂ්මන් මෙන්ඩිස් (කබරා) - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
*සමිත සුධීෂ්වර (විල්සන්) - පෝර්ක් වීදිය - (ස්වාධීන රූපවාහිනිය)
*පූජන දන්දෙණිය (පුෂ්පකුමාර) - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය සහය නිළිය
*ගීතා කාන්තා ජයකොඩි (බරි රෙදි නැන්දා) - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
*දමිතා අබේරත්න (කමනි) - පෝර්ක් වීදිය - (ස්වාධීන රූපවාහිනිය)
*තරින්දි ප්‍රනාන්දු (අනෝහාමි) - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
වසරේ නැගී එන ටෙලි නාට්‍යය නළුවා
*තිලාන් වර්ණජිත් (අසිත) ගමනේ යා - (ජාතික රූපවාහිනිය)
*චානුක ප්‍රබුද්ධ (ගෙවින්) - ඉන්ටර්නැසනල් - (ස්වාධීන රූපවාහිනිය)
*සංගීත් ප්‍රභූ (දේව්) - පෝර්ක් වීදිය - (ස්වාධීන රූපවාහිනිය)
වසරේ නැගී එන ටෙලි නාට්‍යය නිළිය
*කස්තුරි ජයවර්ධන (කුමි) සැප්තැම්බරයේ දිගු දවසක් - (ස්වාධීන රූපවාහිනිය)
*සෙව්වන්දි නයන්තාරා (ලාවණ්‍යා) - නාඩි - (ස්වාධීන රූපවාහිනිය)
*හර්ෂි රසාංගා - (සමන්ති) - තාදි - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂ
*තිසර තුල්වන් - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
*චරිත් අබේසිංහ - තාදි - (ස්වාධීන රූපවාහිනිය)
*රවීන්ද්‍ර ආරිය සමරනායක - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය සංස්කරණය
*බුද්ධික රණසිංහ - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)
*ජගත් වීරතුංග - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
*ඉරුෂ ගමගේ - තාදි - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය කලා අධ්‍යක්ෂ
*සමන් බී.කොබෙයිගනේ - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
*ක්‍රිෂාන්ත රත්නසිරි - ගරුඩ මුහුර්තය - (ස්වාධීන රූපවාහිනිය)
*පියතිස්ස අකුරම්ගොඩ - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය තිර රචක
*සුමිත් රත්නායක - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
*කපිල කුමාර කාලිංග - සැප්තැම්බරයේ දිගු දවසක් - (ස්වාධීන රූපවාහිනිය)
*ලාල් වසන්ත කරුණාරත්න - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය සංගීත අධ්‍යක්ෂ
*සමන්ත පෙරේරා - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)
*දර්ශන රුවන් දිසානායක - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
*කපිල පූගලආරච්චි - සැප්තැම්බරයේ දිගු දවසක් - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය ගීත රචනය
*සුමිත් රත්නායක - ‘(මහපොළොව හාන්දුරුවනේ...”) මහපොළොව -(ස්වාධීන රූපවාහිනිය)
*උපුල් ශාන්ත සන්නස්ගල - (ඔබේ පණ ආදර පුරාණේ..’) තාදි -(ස්වාධීන රූපවාහිනිය)
*නිමල් රත්නායක - (‘බොරළු පාරක තිරිවානා කැට...’) මැටි කවුළු (ජාතික රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය ගායනය
*තුසිත සිම්සන් / සචිනි නිසංසලා - (‘මහපොළොව හාන්දුරුවනේ’) - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
*මෙල්කා තිළිණි - (‘ඔබේ පණ ආදර පුරාණේ’) - තාදි - (ස්වාධීන රූපවාහිනිය)
*ප්‍රෞඩ බුවනෙක - (‘සැරින් සැරේ දොළ දෙනි පාරේ’) - බ්‍රෝ (ස්වාධීන රූපවාහිනිය)
හොඳම ටෙලි නාට්‍යය අංග රචනය (වේශ නිරූපණය)
*හර්ෂ මංජුල - මහපොළොව - (ස්වාධීන රූපවාහිනිය)
*විදුර ශානක අබේධීර - සකර්ම - (ස්වාධීන රූපවාහිනිය)
*ප්‍රියංක රත්නායක - ගරුඩ මුහුර්තය - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම රූපවාහිනි කාලීන වැඩසටහන
*Edu Care - සංඛ නිරෝෂන් - (ජාතික රූපවාහිනිය)
*ළමා අපචාර හා ළමා අයිතිවාසිකම් - ඉන්දික වීරකෝන් - (ස්වාධීන රූපවාහිනිය)
*රථ වාහන නීතිය හා ලංකාවේ රිය අනතුරු - ඉන්දික වීරකෝන් - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන
*රටා - විරාජ් ධර්මදාස - (ජාතික රූපවාහිනිය)
*කලා මංජරී - චන්දිමා පේ‍්‍රමරත්න (ස්වාධීන රූපවාහිනිය)
*Art Cafe - ලසිත ගුණසේකර - (හිරු ටීවි)
හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන
*ධ්දඡධය - මහේෂ් උපුල් - (සිරස ටීවි)
*සිල් සුළං රැල් - චින්තක ගමලත් - (ටීවි දෙරණ)
*නිදහසේ ස්වර්ණාභිමානය - අමිල නුවන් වාදසිංහ - (ස්වර්ණවාහිනි)
හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන
*මහ ඇල දිගේ - ශාන්ත සොයිසා / ලක්ෂ්මන් චෙත්තමුණි - (ස්වාධීන රූපවාහිනිය)
*සඳ හිරු සෑය - ශාන්ත සොයිසා - (ස්වාධීන රූපවාහිනිය)
*ජනමාධ්‍ය පොකුණේ සුපිපි සියපත - මංජුල ඇතුගල - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම රූපවාහිනි ළමා වැඩසටහන
*පොඩ්ඩෝ වැඩ්ඩෝ - හර්ෂණී බණ්ඩාර - (සියත ටීවි)
*එමි යමි - තුසිත විදානපතිරණ - (ජාතික රූපවාහිනිය)
*සමනල යාය - ලක්ෂමන් මත්තුමගල / ඩෙනිශා හර්ෂණී - (ස්වාධීන රූපවාහිනිය)
හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන
*මං ආසයි මට කියන්න - ජානක සුජීව ජයකොඩි - (ජාතික රූපවාහිනිය)
*නැණ මිහිර - දේවිකා කුමාරසිංහ - (ජාතික රූපවාහිනිය)
*ගුරු තලාව - තරංග අතුරලිය - (ජාතික රූපවාහිනිය)
හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන
*ගුවන් හමුදා පාපැදි සවාරිය - සුසන්ති ජීවනි පේ‍්‍රමචන්ද - (අයි නාලිකාව)
**RTC Governer’s Cup - සම්පත් සී. පෙරේරා - (අයි නාලිකාව)
*දිනන ළමයි - හිරු නිව්ස් - (හිරු ටිවී)
සේයාරූ - ලාල් සෙනරත්