වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
කේ.බී.හේරත් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නාට්‍යවේදී හා ටෙලි තිර කතා රචකයකු ද වන කපුරු බණ්ඩාර හේරත් (කේ.බී. හේරත්) මහතා ඉකුත් 29 වැනි දින අභාවප්‍රාප්ත වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු සම්භාවනීය කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (01) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී සිදු කැරිණි. ඒ මහතා මිය යන විට 81 වන වියෙහි පසුවිය.
ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණකරුවකු ලෙසින් වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ ඒ මහතා නාට්‍යය හා රංග කලාව පිළිබඳ විශ්වවිද්‍යාල රැසක කථිකාචාර්යවරයකු ලෙසින් ද කටයුතු කළ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීමෙන් පසු ගුරු වෘත්තිය තෝරා ගත්තේය.
කේ.බී තිර නාටක ලියූ ටෙලි වෘත්තාන්ත අතර පාරමී දම්, ඉසිවර අසපුව, ඉඳුරුදොර, ඉන්ගම්මාරුව, ඉසිවර රණකෙළි, ගජමන් මෝනා ඉමහත් ජනාදරයට පාත්‍ර වූ අතර ඔහු විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද වේදිකා නාට්‍ය වන කළු කුමාරි, සුදු කරල්, මායාදේවී, නාග ගුරුළා, දෝන කතිරිනා, දෙවැනි මහින්ද, වාසුදේව, යසෝදරා, ජගන් මා යනාදිය ඉමහත් රසිකාදරයට පත්විය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නවගත්තේගම ජන්ම ලාභය ලැබූ කේ.බී. හේරත් මහතා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි.