‘අහිමි පැතුම්’ 5 දා

පෙබරවාරි 2, 2023

රශ්මි ක්‍රියේෂන්ස් නිෂ්පාදනයක් වන ‘අහිමි පැතුම්’ ඒකාංගික පෝදා ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගිය දින පිළියන්දල දී පැවැත්වුණු අතර රූගත කිරීම් එදිනම ආරම්භ කෙරිණ. ‘අහිමි පැතුම්’ ඒකාංගික ටෙලි කතාව රශ්මි සුමනසේකරගේ තෙවැනි අධ්‍යක්ෂණයයි. එහි විධායක නිෂ්පාදනය ශාමිනී පිලපිටිය, කතාව හා තිර රචනය චාලක රණසූරිය, කැමරාකරණය අමිත් විජේසිංහ සහය අධ්‍යක්ෂණය තුෂාරි බණ්ඩාරනායක, පුලස්ති වීරසිංහ, අංග රචනය ෂමීනා ප්‍රනාන්දු, නිෂ්පාදන කළමනාකරණය කසුන් සුමනසේකර, විධායක නිෂ්පාදනය හා කලා අධ්‍යක්ෂණය චමක තිලකරත්න, සහය කලා අධ්‍යක්ෂණය රේණුකා දමයන්ති ආලෝකකරණ ශබ්ද පරිපාලන ජූඩ් නිර්මල හා සංස්කරණය තිසර ධනංජයගෙනි. රංගනයෙන් ලක්ෂිකා ෆොන්සේකා, අශිකා මතසිංහ, රශ්මි සුමනසේකර, රංජුල යටරමුල්ල, පුබුදු පසන්, දයානන්ද දේශප්‍රිය සහ හඳුන්වා දෙන නිළි සඳරුවනි ප්‍රනාන්දු දායක වෙති.

Peo TV 131 නාලිකාවෙන් එළැඹෙන 5 දා පොහොය දින ප.ව.12 .00 සිට 01.00 දක්වා මේ ටෙලි නාට්‍යය විකාශය කෙරේ.