වර්ෂ 2023 ක්වූ May 29 වැනිදා Monday
උපන් දිනය වෙනුවෙන් මූල්‍යාධාර
පෙබරවාරි 2, 2023

ප්‍රකට ගායන ශිල්පී සමන් ද සිල්වාගේ උපන් දිනය නිමිති කොට ගෙන ගීත රචකයන්, සංගීත අධ්‍යක්ෂවරුන් සහ වාද බයිලා ශිල්පීන් කිහිපදෙනෙකුට මූල්‍යාධාර පිරිනැමීමක් එළැඹෙන 6 වෙනිදා සිදු කෙරේ. පියාණන් වෙනුවෙන් මේ සත්කාරය සිදු කරනු ලබන්නේ බාලපුතු වන චේතාන් ද සිල්වා විසිනි. එසේම පෙබරවාරි 8 වැනි දින සමන් ද සිල්වාගේ වැඩිමහල් පුත් චිලාන් ද සිල්වා යුග දිවියට එළැඹීමට නියමිතය. ඔහුගේ අතගන්නා මනාලිය වනුයේ ෂෙරින්ය. විවාහ මංගල උත්සවය ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වේ.