වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
සුවිනීතා වීරසිංහගේ ස්වයං ලිඛිත අපදානය එළිදකී
පෙබරවාරි 2, 2023

ප්‍රවීණ රංගවේදිනී සුවිනීතා වීරසිංහගේ ‘සුවිනීතා’ නම් වූ ස්වයං ලිඛිත අපදානය පසුගිය දින කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි. එහි මුල් පිටපත සුවිනීතා වීරසිංහ සහ ඇයගේ සැමියා වන ප්‍රවීණ ලේඛක නන්දලාල් මාලේගොඩ දෙපළ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ට පිළිගැන්වූහ.
එහි ප්‍රධාන දෙසුම කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පැවැත් වූ අතර, මහාචාර්ය පැට්‍රික් රත්නායක, ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලක සෙසු දෙසුම් පැවැත්වූහ. ඒ සඳහා දෙස් විදෙස් කලාකරුවෝ රැසක් සහභාගී වූහ.