වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
ඇප් එක නිසා වුණු අකරතැබ්බයක්

රංගන ශිල්පී ලාල් වීරසිංහට තම හිතවතකුගේ සාදයකට ගොස් නොසිතූ දේකට පසුගිය දින මුහුණ දෙන්නට වුණා. ඒ ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ වට්ස්ඇප් එක අස්ථානගත වීමයි. දැඩි වෙහෙසක් ගෙන එම ඇප් එක සොයා ගැනීමට ඔහු උත්සාහ දැරුවත් එය සොයා ගැනීමට නොහැකි වී තිබුණා. ඉන් පසු ඔහු ළඟම සිටි රංගන ශිල්පීන් හා රූපලාවණ්‍ය ශිල්පී රශ්මි සමරසිංහගේ සහය පතන්නට ලාල් වීරසිංහට සිදු වී තිබුණා. ජංගම දුරකථන ගැන මනා අවබෝධයක් තියෙන රශ්මිට තත්ත්පර ගාණක් ඇතුළත ලාල් වීරසිංහගේ නැතිවූ වට්ස්ඇප් එක සොයා දීමට හැකි වුණා. එදා ලාල් වීරසිංහ සඳහන් කර තිබුණේ පරණ ෆෝන්ම අද තිබුණා නම් කොච්චර හොඳයිද කියලයි. එදා සිදු වෙච්ච දෙයින් පසුව අද වෙනකම් ලාල් වීරසිංහ කිසිදු ඇප් එකක් එහෙට මෙහෙට ඔබන්න යන්නේ නෑ කියලා නම් හමුවන සියලු මිතුරන්ට කියනවලු.