නොමැකෙන සිහිවටනය

ජනවාරි 26, 2023

ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහට චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දුගේ උපන් දින සාදයකට විශේෂ ආරාධනාවක් ලැබිලා තිබුණා. එයට සහභාගී වෙනවාද නැද්ද යන්න සිතමින් සිටින විට ඔහුගේ හිත මිතුරකු වන නිහාල් සංජය දුරකථන ඇමතුමක් දී බන්දු සමරසිංහගෙන් මෙසේ විමසා ඇත. ‘සුනිල් ටීගේ වැඩේට යනවද?’ කියලා. මමත් මේ ගැන හිතමින් සිටිනවා කියලා කියන විට සංජය කියලා තියෙන්නේ අපි දෙන්නම එකට යමු කියලයි. දෙදෙනාම සුනිල් ටීගේ උපන්දින සාදයට එදින සහභාගි වෙලා තිබෙනවා. දිගු කලකින් එදා, බන්දු සමරසිංහට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ අධුනිකයන් රැසක් හමු වී තිබුණා. එදින ඔහු වෙනදාට වැඩිය සිනමා ක්ෂේත්‍රයේ විශේෂ තොරතුරු රැසක් පැමිණි අය සමඟ කතාබහ කරලා තිබෙනවා. නිහාල් සංජය සමග එන ගමනේ දී ඔහු සඳහන් කර තිබෙන්නේ කිසිවකුට මගේ ඡායාරූප ගැනීමටවත්, මධඪජඥ ජභබ දීමවත් සිදු කරන්නේ නැති බවයි. ඒත්, බොල්ගොඩ වැවේ මද සිසිල හමාගෙන එන විට ඔහුට ඒ සියල්ල අමතක වී ගොස් තිබුණා. ඉන් පසු සිදු වූයේ ඔහුගේ ආරාධනාවෙන්ම හිතමිතුරු සුනිල් ටී ප්‍රමුඛ සියලු දෙනා සමඟ ඡායාරූපයක් ගැනීමට බන්දු ඡායාරූප ශිල්පියකුට ආරාධනා කිරීමයි. එම ඡායාරූපය සඳහා සුදේශ් වසන්ත පීරිස්, සුරංග ද අල්විස්, බන්දු සමරසිංහ, සුනිල් ටී. ප්‍රනාන්දු, සුරේෂ් කුමාරසිංහ, සහ නිහාල් සංජය එක්ව සිටියා.