වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
මානසික ගැටලු සහ වෛරස් උණ

ශ්‍රෘති හසන් මානසික ගැටලු හේතුවෙන් වෝල්ටෙයාර් වීරයියා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවයට නොපැමිණි බව පසුගිය දිනෙක බොලිවුඩය පුරා පැතිර ගිය පුවතක්. එම පුවත් වාර්තා කර සිටියේ ඇය මානසික ආබාධයක් හේතුවෙන් පැමිණීම මඟ හැර ඇති බවයි. ඇය බාලක්‍රිෂ්ණ සමඟින් රංගනයේ යෙදෙන වීර සිම්හා රෙඩ්ඩි සහ චිරංජීව් සමඟ වෝල්ටෙයාර් වීරයියා නිකුත් කෙරුණේ පසුගිය සතියේදීය.
ශ්‍රෘති පදනම් විරහිත වාර්තා වලට දොස් පවරමින් සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ මෙසේ සටහන් තැබුවාය. “හොඳ උත්සාහයක් !! එයට ස්තූතියි. මම වෛරස් උණෙන් සුවය ලබමින් සිටිමි.” කෙසේ වෙතත් ශ්‍රෘති ඉන්ස්ටග්‍රම් ඔස්සේ මානසික සෞඛ්‍යය ගැන නිතරම හඬ නඟන බව බොහෝ දෙනා දන්නා කරුණක් සේම ඇය මුම්බායි හි ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේදී මනෝවිද්‍යාව හදාරා ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.