වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
ඕපාදූප නම්...

මේ දිනවල රශ්මිකා මන්දන්නා ගැන වැඩි කතාබහක් ඇති වී තිබෙන්නේ මේ දිනවල තිරගත වන වරිසු චිත්‍රපටය සමඟිනි. එහි ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවන විසිහය හැවිරිදි ඇය මීළඟට පෙනී සිටින්නේ සිද්ධාර්ත් මල්හෝත්‍රා සමඟ හෙට (ජනවාරි 20) තිරගත වීමට නියමිත මිෂන් මජ්නු චිත්‍රපටයේ ය.
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනප්‍රියත්වය සමඟ පෞද්ගලික ජීවිතය වටා ඇති ඕපාදූප වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? යන ප්‍රශ්නයට රශ්මිකා පැවසූයේ මෙවැන්නකි. “අපට ඔවුන්ගේ මනස පාලනය කළ නොහැකියි. අපේ වැඩ ගැන පමණක් කතා කරන ලෙස ඔවුන් ගෙන් ඉල්ලා සිටිය නොහැකියි” රශ්මිකා පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අයහපත් දේ ගැන කරදර නොවන බවත් ධනාත්මක සිතුවිල් ආදරය සහ කුතුහලය තමා ඉදිරියට ගෙන යන බවයි.